Colombo Today Local News

ඇහැලියගොඩට සංචරණ සීමා

ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශය තුළ අද (29)දින මධ්‍යම රාත්‍රි 12 සිට ලබන 02 වනදා එනම් සදුදා උදෑසන පහ දක්වා සංචරණ සීමාවන් පැනවිමට ඇහැලියගොඩ ප්‍රාදේශීය කොරොනා මර්දන කමිටුව තීරණය කළේය.

රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් ආසාදිතයින් අටදෙනෙකු ඇහැලියගොඩ කොට්ටාසයේ වාර්තාවිම නිසා මෙම තීරණය ගත් බව ඇහැලියගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී නන්දන කුමාරසිංහ මහතා පැවසීය.

ඇහැලියගොඩ ප්‍රදේශයේ කොරොනා වසංගත තත්ත්වය පැතිරීම අවම කිරිමට ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්‍යලය,පොලිසිය සහ සෞඛ්‍ය වෙද්‍ය නිලධාරි කාර්‍යාලය එක්ව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ප්‍රදේශයේ පදිංචිකරුවන් පිටස්තර ප්‍රදේශවලට නොගොස් නිවෙස්වල රැදි සිටිමින් අවශ්‍ය සහයෝගය දක්වන ලෙසද සෞඛ්‍ය වෙද්‍ය නිලධාරීවරයා ඉල්ලිමක් කලේය.

රත්නපුර සිරිපාගම ,මල්වල සහ අවට ප්‍රදේශවලට පැනවු සංචරණ සීමාවන් තවදුරටත් ක්‍රියාත්මක වේ.

Related posts

“අයවැය රහස් හෙළි කිරීමට සූදානම් නැහැ”

colombotoday

ලිංගික අතවර සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම්ට ඇප.

colombotoday

“අලියා කුලප්පු වුණොත් භයානකයි“ – කබීර් හෂීම්ගෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

බීමත් කාන්තාවකගේ ඇඟේ හැපී හිරි ඔතප් බින්දැයි පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ට අත්හිටවූ සිරදඬුවම්

colombotoday

ව්‍යාජ 5000 නෝට්ටු 39ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

සමාජ මාධ්‍ය ජාලා යථා තත්වයට

colombotoday