World

ඇමෙරිකාවේ ජනතාව කැළබෙයි පොලිස් ස්ථානවලට ප්‍රහාර, ජනපති ට්‍රම්ප් නූලෙන් බේරෙයි!

ඇමෙරිකාවේ මිනෙසෝටා ප්‍රාන්තයේ ප්‍රධාන නගරයෙක් වන මිනියාපොලිස් නගරයේදී සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකු ඉතා අමානුෂීය ලෙස ඝාතනය කිරිමේ සිද්ධිය මුල් කර ගනිමින් ඇතිවූ විරෝධතාවයන් එරට පුරා මේ වන විට පැතිර ගොස් තිබේ.

ඇතිවී තිබෙන තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි මට්ටමකට පැමිණීමත් සමග එරට ප්‍රාන්ත 16 ක පිහිටි නගර 25 කට ඇඳිරි නීතිය පැනවීමට බලධාරින් පියවර ගෙන ඇත.

කැලිෆෝනියා, කොළරාඩෝ, ෆ්ලොරිඩා, ජෝර්ජියා, කෙන්චුකී, නිව් යෝර්ක්, ඔහියෝ ඇතුළු ප්‍රාන්ත 16 ක මේ වන විට ඇඳිරි නීතිය පනවා ඇති අතර විරෝධතාකරුවන් පාලනය කිරිම සඳහා පොලිසියට නොහැකිවිම හේතුවෙන් එරට ජාතික ආරක්ෂක බලමුළුවේ නිලධාරින් යෙදවීමට බලධාරින් පියවර ගෙන තිබේ.

මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විරෝධතාකරුවන් හට අවවාදාත්මක නිවේදනයන් කිහිපයක්ද සිය ට්විටර් ගිණුම ඔස්සේ නිකුත් කොට ඇත.

ඊයේ දින ධවල මන්දිරයට විරෝධතාකරුවන්ගෙන් එල්ල වූ ප්‍රහාරයක් සාර්ථකව මැඩපැවැත්වූ බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා

කෙසේ වෙතත් විරෝධතාකරුවන්ට තර්ජනය කරමින් සිදු කරන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් පණිවිඩ සීමා කිරීමට ට්විටර් ආයතනය කටයුතු කර තිබෙනවා. ෆේස්බුක් ප්‍රධාන විධායක නිළධාරී මාර්ක් සකර්බර්ග් පවසන්නේ තමන්ට විරෝධතාකරුවන්ගේ හැගීම් වැටහෙන බවත්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆේස්බුක් පිටුව සීමා නොකරන්නේ භාෂණයේ නිදහස ඩොනල්ඩ් ට්‍රම්ප්ටද හිමි නිසා බවයි.

මේ වන විට අමෙරිකාවේ නගර රැසක පොලිස් ස්ථානවලට විරෝධතාකරුවන් විසින් ප්‍රහාර එල්ල කොට විනාශ කොට ඇත.

Related posts

ඉන්දියාවේ නව කොරෝනා ප්‍රභේද 240ක් හදුනා ගනී

colombotoday

ඉන්දියාවේ දෛනිකව ස්ත්‍රී දූෂණ සිදුවීම් 87 ක්

colombotoday

අමෙරිකාවේ බිහිසුණු ගුවන් අනතුරක්

Admin

වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වාර්තාගත ලෙස ඉහළ ගිහින්

colombotoday

ඇමරිකාවට සයිබර් ප්‍රහාරයක්

colombotoday

රුසියානු ගුවන් යානයක් ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශයි – හදුනා නොගත් අවියකින් රුසියාවෙන් ප්‍රතිප්‍රහාර

colombotoday