Colombo Today Local News

ඇමරිකානු බලහත්කාරයට එරෙහිව ලක් රජය අභීතව නැගී සිටී… හමුදාපතිට එරෙහි තහනමට එරෙහිව විරෝධය දක්වයි…

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ පවුලේ සාමාජිකයින්ට අමෙරිකාවට ඇතුළුවීමට තහංචි පැනවීමට එරෙහිව රජය දැඩි විරෝධතාව පල කළේය.

විදේශ සබදතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ස්වාධීනව තහවුරු නොකරන ලද මුලාශ්‍ර මත පදනම්ව අමෙරිකාව මෙවැනි තීරණයක් ගැනීම ගැන ශ්‍රී ලංකා රජය දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කරන බවයි.

රාජ්‍ය නායකයා විසින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදාපති ධුරයට පත් කරනු ලැබුවේ ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය සහ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් තහවරු කිරිම සඳහා කිසිඳු චෝදනාවක් නොමැති නිසා බව විදේශ සබදතා අමාත්‍යාංශය අවධාරණය කරයි.

එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව ඔහු වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කිරීමට ජනාධිපතිතුමා පියවර ගත් බවයි.

ඒ අනුව මෙම තීරණය ගැනීමට හේතු වූ තොරතුරු මුලාශ්‍රවල නිවරැදිභාවය පිළිබඳව සොයා බලන ලෙසත් ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධයෙන් ගනු ලැබු තීරණය යළි සමාලෝචනය කරන ලෙසත් ශ්‍රී ලංකා රජය අමෙරිකාවෙන් ඉල්ලා සිටී.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ඊයේ සංචාරක තහනමක් පැනවූයේ ය.

Related posts

ලොව බලගතුම පර්යේෂකයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වූ ශ්‍රී ලාංකික මහචාර්යවරිය

colombotoday

ලංකාවට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලවීමේ අනතුරක් !

colombotoday

අවි ගබඩාවේ ආරක්ෂාව දුර්වල කරේ කාගේ උවමනාවටද?

colombotoday

“අපි ආවේ දූෂණ වංචා නවතන්නයි.. බැදුම්කර හොරුන්ට දඩුවම් දෙනවා” – අගමැතිගේ විශේෂ ප්‍රකාශය

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය සමග බන්ධනාගාර නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

උඩරට මැණිකේ පීලි පැනීමෙන් දුම්රිය ප්‍රමාදයක්

Admin