Colombo Today Local News

ඇඳිරි නීතිය හේතුවෙන් කොළඹ වාතයේ සහ ජලයේ ගුණාත්මක අගයන් ඉහළට

වසංගතය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රට තුළ පොලිස් ඇඳිරි නීතිය පැනවීමත් සමග කොළඹ නගරයේ වාතයේ සහ ජලයේ ගුණාත්මක අගයන් ඉහළ ගොස් තිබේ.

අමෙරිකානු තානාපති කාර්යාලයේ, වායු ගුණාත්මක දර්ශකයේ දත්තවලට අනුව අද පස්වරු 4.00 වන විට කොළඹ නගරයේ වායු ගුණාත්මක මට්ටම 55 දක්වා ඉහළ ගොස් තිබේ .

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ එච්.එඩ්.එස්.ප්‍රේමසිරි මහතා සඳහන් කළේ, වාහන සංචලනය අඩුවීම නිසා මෙම තත්ත්වය දක්නට ලැබෙන බවයි .

පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පෙර පැවති තත්ත්වය හා සැසදීමේදී වායු දූෂණ මට්ටම විශාල වශයෙන් වෙනස් වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය නොවැම්බර් මාසයේදී මෙරට වායු දූෂණ මට්ටම ඉතා ඉහළ අගයක සටහන් විය .

මේ අතර කාර්මික අපජලය ජල මාර්ගවලට මුදා හැරීම නතර වීම හේතුවෙන් කැලණි ගඟේ ජලයේ ගුණාත්මකභාවය ඉහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පසුගියදා ප්‍රකාශ කළේය.

Related posts

ජපානයේ භූ කම්පනයක්

Admin

බඹරු ඇන දෙමෝදර විදුහලක සිසුන් 8ක් රෝහලේ

colombotoday

ඉස්ලාමීය සංවිධාන 48 ක් ගැන පුළුල් පරීක්‍ෂණයක්

colombotoday

කෙරවලපිටිය බලාගාරයට නැප්තා ලීටර් ලක්‍ෂ 10 ක්

colombotoday

සිය වරක්‌ සිරගත කළත් ජාතික වගකීම අත්හරින්නේ නෑ – ගලගොඩඅත්තේ ඥනසාර හිමි

colombotoday

එක් ජන්ද දායකයෙකුගේ වියදම රු.523ක්

colombotoday