Colombo Today Local News

ආදායම් බදු පැහැර හැරීම් සඳහා දඩ මුදල් අය කිරීම 2020 ජූලි මාස සිට යලි ක්‍රියාත්මකයි

ආදායම් බදු පැහැර හැරීම් සඳහා වන දඩ මුදල් අය කිරීම 2020 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය‍

අද (25)දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් රජයේ සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේය.

මේ අතර, 2020 ජුනි මස 03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් කොවිඩ් – 19 හේතුවෙන් රට වසා තිබූ කාලසීමාව තුළ සියලු ආකාරයේ බදු සම්බන්ධයෙන් වූ දඩ මුදල් නිදහස් කිරීමටත්, එවැනි දඩ මුදල් නැවත අය කිරීම 2020 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමටත් අනුමැතිය ලබා දී තිබේ.

එකී සහනයට අමතරව පහත සඳහන් සහනයන් ද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලබා දීමටත්, ඒ අනුව අදාළ නීතිමය විධිවිධාන සංශෝධනය කිරීමටත්, නීතිමය විධිවිධාන පනවනු ලබන තෙක් එම සහනයන් වහාම ක්‍රියාත්මක කිරීමටත් අදාළව මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

  • චේතනාන්විත බදු ගෙවීම පැහැර හැරීමක් සිදු වී නොමැති බවට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සෑහීමට පත් වන්නේ නම් 2018/2019 තක්සේරු වර්ෂය දක්වා නිකුත් කරනු ලැබ ඇති තක්සේරු මත ගෙවිය යුතු හිඟ ආදායම් බදු නිදහස් කිරීම.
  • 2019/2020 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කර බදු ගෙවා ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට නැවත අතිරේක තක්සේරු නිකුත් නොකිරීම.
  • බදු අභියාචන‍ කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කිරීමේදී ඉදිරිපත් කළ යුතු බැංකු ඇපකරය හෝ ආපසු නොගෙවනු ලබන මුදල ගෙවීම සඳහා ලබා දෙනු ලබන කාලය දීර්ඝ කිරීම.
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ දැනමටත් එකඟ වී ඇති හිඟ/පැහැර හැර ඇති බදු ගෙවීම සඳහා සහන කාලයක් ප්‍රදානය කිරීම.
  • බැංකු වෙත නිකුත් කර ඇති තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම 2021 අප්‍රේල් මස 30 දක්වා අත්හිටුවීම.
  • 2020 මාර්තු මස 01 දින සිට 2020 ජුනි මස 30 දින දක්වා කාලයට අදාළ යම් බද්දක් ගෙවීම හෝ/සහ බදු වාර්තා ලබා දීම 2020 දෙසැම්බර් මස 31 දින හෝ ඊට පෙර සිදු කිරීම සඳහා ඉඩ සලසා දීම සහ අදාළ බද්ද ගෙවීම/වාර්තාව භාර දීමට නියමිත දිනට සිදු කළා සේ සැලකීම.

Related posts

වසර 12 ක් බන්ධනාගාරයේ සිටි LTTE රැඳවියෙකුට නිදහස

colombotoday

සම්පායෝ හෙට වෙනතෙක් රිමාන්ඩ්

colombotoday

පුංචි ඡන්දයෙන් පසු එජාප – ඒකාබද්ධ හවුල් ආණ්ඩුවක් !!

colombotoday

ඔව්.. පො**යෙක් වීම ගැන මං ආඩම්බරයි – ඇමති මංගල පාර්ලිමේන්තුවේදී කියයි (Video)

colombotoday

ජිනීවා යෝජනාවලියෙන් ඉවත්වීමේ තීරණය ගැන ඩයස්පොරාව සහ බටහිර රටවල් 7ක් කලබල වෙයි !

colombotoday

වෑන් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටී 08ක් රෝහලේ

Admin