මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ රාජකාරීන් සඳහා යෙදවීමට නියමිතනව භට කණ්ඩායමේ විසිරයාමේ පෙළපාළිය 22දා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී බලගණ නිලධාරීන් 16 දෙනෙකු සහ සෙසු නිලයන් 94 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් විසිර ගිය අතර, බලගණයේ අණදෙන්නා ලෙස විංග් කමාණ්ඩර් චමිල මනතුංග කටයුතු කරනු ලබයි. මෙම පිරිස නොවැම්බර් මස පළමු සතිය තුළ මධ්‍යම අප්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිතව ඇත.