Colombo Today Local News

අධ්‍යක්ෂවරිය වෙනුවෙන් රේගුවට, සුරාබදු වෘත්තිය සමිති 14ක් එක් වෙයි.

රේගු නිලධාරීන් විසින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහයපල කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති 14 ක් එකඟත්වය පලකර තිබෙනවා. 

මේවන විටත් එම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පලකරමින් කන්ටේනර් ප්‍රවාහනකරුවන්ගේ සංගමය මෙන්ම වාප්පු ලිපිකරුවන්ද සිය සේවා කටයුතුවලින් ඉවත්විමටයි තීරණය කර ඇත්තේ. 

එමෙන්ම පිටකොටුව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළඳසැල්ද මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහය පලකරමින් හෙට දිනයේ වෙළඳසැල් වසාදැමීමට තීරණය කර ඇති බවයි රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති දිනුෂ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ.

රජයේ මැති ඇමතිවරුන් සහ ඔවුන්ගේ සමීපතමයන් කිහිප දෙනෙක විසින් කරගෙන ගිය ජාවාරම්වලට එරෙහිව කටයුතු කළ රේගු අධ්‍යක්ෂක පී.එම්.එස් චාල්ස් මහත්මිය එම ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කෙරිණි.

Related posts

පෙට්‍රල් ආනයනයට ණයවර ලිපියක් නිකුත් කරයි

colombotoday

හිටපු ඇමති හයකට වැඩ වරදියි?

Admin

ආණ්ඩුව අපේ සාමාජිකයින්ව සල්ලිදීලා ගන්න හදනවා – දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ ගනේෂන් කියයි

colombotoday

අතුරුදන්ව සිටි දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි

Admin

රට අරාජිකයි, හාමුදුරුවරු මේ රටේ බලය ඇල්ලිය යුතුයි – ඥානසාර හිමි

colombotoday

පී.සී.ආර් 14කින් 12ක් පොසිටිව්

colombotoday