Colombo Today Local News

අක්කර 1000ක් සමග අලිමංකඩ ලුණු ලේවාය පුද්ගලික අංශයට…. 20%ක් බදියුදීන්ට….

වාණිජ සහ කර්මාන්ත කටයුතු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා ගේ මැදිහත් වීමෙන් එලිෆන්ට්පාස්ට් ලුණු ලේ්වාය පෞද්ගලික අංශයට පැවරීම සඳහා සූදානම් වෙමින් ඇති බව ජාතිය සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ අක්කර 1000කටත් වඩා වපසරියකින් යුතු මෙම ලේවාය සංවර්ධනය කිරීම සඳහා යැයි කියමින් ටෙන්ඩර් මණ්ඩලය විසින් දැනටමත් ‘කෝ ලංකා’ (Ko lanka) නම් ආයතනයක් බදු ගැනුම්කරු වශයෙන් තීරණය කර ඇති බවයි.

මෙම ආයතනය කොරියානු ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් වන බවත් මෙහි ශ්‍රී ලාංකික අධ්‍යක්ෂක ලෙස කටයුතු කරනුයේ සිරිකොත එජාප මූලස්ථානයේ සේවය කරන තිලක් කාරියවසම් සහ නාමල් පෙරේරා යන අය බවත් ලිපියේ දැක්වේ.

පැවරුම අවසාන අවස්ථාවේදී එහි 20% ක කොටස් ඇමැති රිෂාඩ් බදුර්දීන්ට පැවරීමට ‘කෝ ලංකා’ ආයතනය එකඟ වී ඇති බවද වැඩිදුරටත් සඳහන් වෙයි.

විපක්ෂ නායකවරයා සහ ජනාධිපති ලේකම්වරයා වෙත පිටපත් සහිතව යොමු කර ඇති එම ලිපිය මෙහි දැක්වෙයි

Related posts

නිදහස් චතුරශ්‍රයේදී සිදුවී තිබු සහෝදරයාගේ මරණය ගැන සැකයක් නැති බව සංජිව අධිකරණයට කියයි

colombotoday

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin

හිටපු ජනපති මහින්දගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

Admin

ට්‍රෑෆික් දඩ ගෙවන්න සහනයක්

colombotoday

ප්‍රතිසංවිධානය ඇස්බැන්දුමක්..! එජාප පසුපෙල මන්ත්‍රීවරුන් ස්වාධීන වීමේ සූදානමක..!

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday