නව ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය ආරම්භ වීමත් සමග ඉතා සූක්‍ෂ්ම මානසික යුද උපක‍්‍රම මෙහෙයුමක්ද ආරම්භ වූ බව දක්නට ලැබුණි. රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරිකයන් විසින් ආරම්භ කරනු ලබන එම ක‍්‍රියාවලියේ එක් ප‍්‍රධාන අංගයක් වන්නේ දෙමළ ජාතික සංවිධානයට ඊළමක් දිනා ගැනීමේ අරමුණක් නොමැති බව තහවුරු කිරීමය. ඒ සමග බැඳුණු පූර්ව නිගමනයක්ද තහවුරු කිරීමට ඔවුහු උත්සාහ කරති. එනම් දැන් යුද්ධය නොමැති බැවින් උතුර සහ නැෙගනහිර ඒකාබද්ධ කොට ඊට විශේෂිතව දේශපාලන බලය බෙදාදීම මගින් රට බෙදෙන්නේ නැති බවය. ඒ මගින් ඔවුහු බලය බෙදීම සහ බෙදුම්වාදය අතර පවතින ඓතිහාසික සබඳතාව සැඟවීමට උත්සාහ දරන අතර ටී.එන්.ඒ පක්‍ෂයට චරිත සහතිකයක් ද ලබා දෙති.
ටී.එන්.ඒ පක්‍ෂයේ නායක ආර් සම්පන්දන් මහතාද ප‍්‍රසිද්ධියේ රටට කියන්නේ ‘‘ෆෙඩරල්’’ පාලනයක් දෙනවානම් වෙනම රාජ්‍යයක් අවශ්‍ය නොවන බවය. මතුපිටින් බැලූ විට එය සාධාරණ ප‍්‍රකාශයක් සේ පෙනේ. නමුත් එක් පැත්තකින් ගත් විට ෆෙඩරල් රාජ්‍යයක් ලබා දුන් විට වෙනම රාජ්‍යයක් විශේෂිතව නම්කර ලබාදීම අවශ්‍ය වන්නේ නැත. වෙනම රාජ්‍යයකට ආසන්න බලතල සහිත ෆෙඩරල් රාජ්‍යයක් ලබාගත් පසු ඊළඟ පියවර වන්නේ ජාත්‍යන්තර මැදිහත් වීමෙන් වෙනම රාජ්‍යයක් දක්වා ගමන් කිරීමය. අනෙක් පැත්තෙන් ගත් විට සම්පන්දන් මහත්මයා ප‍්‍රසිද්ධියේ කුමක් කීවත් ඔවුන් මැතිවරණයට ඉදිරිපත් වූ පක්‍ෂයේ ව්‍යවස්ථාවෙන් සහ ඔවුන් තම පක්‍ෂ අභ්‍යන්තරයේ කරනු ලබන ප‍්‍රකාශවලින් ඔවුන්ගේ අවසාන අරමුණ පැහැදිලි වේ.
ආර්. සම්පන්දන් මන්ත‍්‍රීවරයා 2012 මැයි මස 25 වැනි දින මඩකළපුවේදී පැවැත්වූ ඔහුගේ පක්‍ෂයේ සමුළුවේදී ඉතා නිරවුල්ව ප‍්‍රකාශ කළේ තමා ඊළාම් අරමුණ අත්හැර නැති බවයි. ඔහුට අනුව ඔවුන් පක්‍ෂයක් ලෙස ඊළාම් අරමුණ අත්හැර නොමැති වුවත් ඒ කරා ළඟාවන උපාය මාර්ගය වෙනස් කරනු ඇත. එනම් යුද්ධය වෙනුවට ඊනියා ගාන්ධිවාදී, අවිහිංසාවාදී මහජන වීදි සටන් ඊට ආදේශ කරනු ඇත. එම අවස්ථාවේදී ජාත්‍යන්තර ප‍්‍රජාව ඔවුන්ට උදව් කළ යුතු බව අවධාරණය කරන ඔහු ඒ සඳහා එහිදී විවෘත ආරාධනයක් කළේය. එම ප‍්‍රකාශය අඩංගු එතුමාගේ සම්පූර්ණ කතාව ‘‘කලම්බු පේජ්’’ වෙබ් අඩවියෙන් බාගත කර ගත හැක. ඊට අමතරව එතරම් සමාජ අවධාණයකට ලක් නොවූවත් ටී.එන්.ඒ පක්‍ෂයේ සාමාජිකයින් මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා යොදාගත් ඉලංකෙයි ටැමිල් අරුසුකච්චි පක්‍ෂය හෙවත් 1950 දශකයේ ෆෙඩරල් පක්‍ෂය ලෙස හැඳින්වූ එස්.ජේ.වී. චෙල්ලනායගම් මහතා විසින් ආරම්භ කළ පක්‍ෂයේ ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ කුමක්ද? එම පක්‍ෂයේ ආරම්භක ව්‍යවස්ථාවට 2008 වසරේදී ඇතුළත් කළ සංශෝධනයකට අනුව එහි 17 ඩී වගන්තියේ මෙසේ දැක්වේ.
‘‘ඉලංකෙයි ටැමිල් අරුසුකච්චි පක්‍ෂයේ ‘‘ජෙනරල් කොමිටිය’’ 2008/4/20 සහ 2008/8/3 යන දිනවලදී ගනු ලැබූ තීන්දු මගින් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සහ ඉලංකෙයි ටැමිල් අරුසුකච්චි පක්‍ෂය විසින් 1976 මැයි 14 දින අනුමත කළ සියලු යෝජනා නැවත අනුමත කොට අනුගමනය කරනු ලැබේ.
එම පක්‍ෂ විසින් 1976 මැයි 14 දින වඩුකොඩෙයිහි දී අනුමත කෙරුණු කූප‍්‍රකට ‘‘වඩුකොඩෙයි එකඟතාවේ’’ සඳහන් වන්නේ කිමෙක්ද? එදා පැවති සියලු දෙමළ ජාතිවාදී දේශපාලන පක්‍ෂ සහ කණ්ඩායම් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ බැනරය යටතේ වඩුකොඩෙයි යෝජනාවලියට එකඟ බව පළ කරමින් අත්සන් තැබූහ. දැන් ටී.එන්.ඒ පක්‍ෂයේ මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ඉලංෙකයි ටැමිල් අරුසුකච්චි පක්‍ෂය යටතේය. එම පක්‍ෂයේ ව්‍යවස්ථාව මගින් අනුමතකොට පිළිගන්නා වඩුකොඩෙයි යෝජනාවේ සඳහන් වන්නේ කිමෙක්ද? එහි මෙසේ සඳහන්වේ.
‘‘මෙම භූමියේ දෙමළ ජනයාගේ පැවැත්ම උදෙසා, ස්වයංතීරණ අයිතිය මත පදනම්ව නිදහස්, ස්වෛරී, අනාගමික, සමාජවාදී දෙමළ ඊළාම් රාජ්‍යය නැවත ගොඩනගා ස්ථාපිත කිරීම කිසිවෙකුට වැලැක්විය නොහැකිය. එබැවින් මෙම සමුළුවේදී පොදුවේ දෙමළ ජාතියෙන් සහ විශේෂිතව දෙමළ තරුණයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඉදිරියට පැමිණ නිදහස සඳහාවන පූජනීය සටනට තමන්ගේ මුළු ශක්තිය යොදවන ලෙසය. එම සටන ස්වෛරී, සමාජවාදී, දෙමළ ඊළාම් රාජ්‍ය අත්පත් කරගන්නතෙක් අත් නොහැරිය යුතුය.’’
එසේ පක්‍ෂ ව්‍යවස්ථාවේ සංශෝධනයක් මගින් වඩුකොඩෙයි සම්මුතියේ මූලික පදනම ඉතා දැනුම්වත්ව තම ව්‍යවස්ථාවට ඇතුළු කිරීම මගින් ඊළාම් අරමුණ වෙනුවෙන් ඉලංකෙයි ටැමිල් අරුසුකච්චි පක්‍ෂය විවෘතව පෙනී සිටින්නේ ඔවුන් එම අරමුණ අත්හැර නොමැති නිසා නොවේද? ඊළාම් යුද්ධයේ පරාජයෙන් පසුව ඔවුන් එම අරමුණ අත්හැරියා යැයි යමෙක් තර්ක කරන්නේ නම් ව්‍යවස්ථාවේ එම ප‍්‍රතිපාදනය ඔවුන් විසින් වහා සංශෝධනය කරනු ලැබිය යුතුය. නමුත් ඔවුන්ගේ ව්‍යවස්ථාව සහ මැතිවරණ ප‍්‍රකාශනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්වූ අවස්ථාවේදී පවා ඔවුන් එවැන්නක් පිළිබඳව සැළකිලිමත් වූයේ නැත. ටී.එන්.ඒ පක්‍ෂයේ මන්ත‍්‍රීවරු සියලුදෙනා මැතිවරණයට ඉදිරිපත් වූයේ ඉලංගෙයි ටැමිල් අරුසුකච්චි පක්‍ෂයේ නායකත්වය යටතේ නිළ වශයෙන් එම ව්‍යවස්ථාව පිළිගනිමිනි. ඒ අනුව එම පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් සියලු දෙනා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි සංශෝධනයේ ප‍්‍රතිපාදන බරපතළ ලෙස උල්ලංඝණයකොට ඇත. එසේනම් ඔවුන් වෙනම රාජ්‍යයක් පිළිගැනීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම නිසා ඔවුන්ගේ මන්ත‍්‍රී ධුර සියල්ල අහෝසි විය යුතුය. අප රටේ ව්‍යවස්ථාවේ 157 (අ) වගන්තිය අනුව ශ‍්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යක් බිහි කිරීම සඳහාවන අරමුණක් හෝ පරමාර්ථයක් දැරීම පවා බරපතළ වරදකි.
කෙසේ වෙතත් එම චෝදනා මත ඔවුනට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා අැති අංක SC/SPL/03/2014 දරණ නඩුවේ තීන්දුව මේ වන තුරු ප‍්‍රකාශයට පත්වී නැත.
මෙම තත්ත්වය තුළ ටී.එන්.ඒ පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ට අප රටේ ව්‍යවස්ථාවට අනුව මන්ත‍්‍රීධුර දැරීමට ඇති අයිතිය නීතිමය වශයෙන් පමණක් නොව සදාචාරමය සහ දේශපාලන වශයෙන්ද ඉතා පැහැදිලිවම අභියෝගයට ලක්වේ. එම නිසා මහජනයා විසින් ප්රතිෙක්ෂ්ප කළ මන්ත‍්‍රීවරුන් ජාතික ලැයිස්තුවෙන් පත්කිරීම නිසා වර්ථමාන ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය අභියෝගයට ලක්වී ඇති ආකාරයටම රට බෙදීමේ අරමුණ සහිතව ජනවරම ලබාගත් 6 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ප‍්‍රතිපාදන උල්ලංඝණය කළ මන්ත‍්‍රීවරුන්ගේ දායකත්වය අභියෝගයට ලක්වේ. එයට හේතුව රට බෙදීමේ අරමුණ මන්ත‍්‍රීධුර අහෝසි වීමට හේතු වන වරදක් වීමය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වීම සඳහා එසේ නොකරන බවට දිවුරුමක් ලබාදීම ව්‍යවස්ථාවෙන් පනවා ඇති නියමයකි. එදා එම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ පසුව ඊට අනුව දිවුරුමක් ලබාදීම ප්රතිෙක්ෂ්ප කළ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරුන්ගේ මන්ත‍්‍රී ධුර අහෝසි විය. ඒ සියල්ලට වඩා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුළ තාක්‍ෂණික කමිටු නියෝජනය කරමින් ඊට තාක්‍ෂණික උපදෙස් ලබා දෙන එම්.ඒ. සුමන්තිරන් මන්ත‍්‍රීවරයාද ඉහත සඳහන් කළ ආකාරයට ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් බෙදුම්වාදී අරමුණු සහිත පක්‍ෂ ව්‍යවස්ථාවක් අනුමත කරන්නෙකි.
එවැනි තත්ත්වයක් තුළ ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය පිළිගත නොහැකි බවට දක්වන මතය ඉතා තර්කානුකූල සහ සාධාරණ බව ඔප්පු වේ. කෙසේ වෙතත් සුමන්තිරන් මන්ත‍්‍රීවරයා විසින් ඊලාම් අරමුණ පිළිගනු ලබන බැවින් ඔහු ඊට වැරදිකරුවකු බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තවමත් තීන්දු කොට නොමැත. ඒ අනුව ඔහුට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා උපදෙස් දීමේ බාධාවක් නැති බවටද තර්ක කළ හැක. නමුත් දේශපාලන සදාචාරයට ඔහු ගරු කරන්නේනම් එම චෝදනාවෙන් ඔහුට ගැලවිය හැකි ක‍්‍රම දෙකක් ඇත. පළමුවැන්න ඔහුට චෝදනාවක් එල්ලවී ඇති බැවින් අධිකරණයේ තීන්දුව ලැබෙන තෙක් ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියෙන් ඉවත්ව සිටීමය. එසේ නැතහොත් වහාම තමා නියෝජනය කරන පක්‍ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම මගින් එහි අඩංගු ඊළාම් අරමුණට අදාළ ප‍්‍රතිපාදන ඉවත්කොට ඒ පිළිබඳව ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කිරීමය. ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කිරීම එතුමාට දේශපාලන වශයෙන් අනතුරුදායක නම් ඒ පිළිබඳව වහාම ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්විය හැකිය.