extremism & terrorism activitiesWorld

තායිලන්තයේ ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගෙන් දුම්රියකට hit-and-run පන්නයේ ප්‍රහාරයක්. – බෞද්ධයන් ඉලක්ක ගත් ප්‍රහාරවල වර්ධනයක්.

දකුණු තායිලන්තයේදී ඉස්ලාම් ත්‍රස්ත කණ්ඩායමක් විසින් මගී දුම්රියකට ප්‍රහාර එල්ල කර ඇත.

මුස්ලිම් බහුතරයක් වෙසෙන නාරතිවත් පළාතේ මායිම් නගරයක් වන සු-නයි කොලොක් සිට මුස්ලිම් බහුතරයක් වෙසෙන තවත් පළාතක් වන යාල වෙත මෙම මගී දුම්රිය යමින් තිබී ඇත.

බෞද්ධ බහුතර පිරිසක් ගමන්කරමින් සිටි දුම්රියේ එන්ජිමට පඳුරුවලට මුවා වී සිටි තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඇතත් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත. ප්‍රහාරයෙන් දුම්රියේ තිරිංග පද්ධතියට හානි වී ඇත.

දුම්රිය තුළ සිටි ප්‍රාදේශීය ආරක්‍ෂක ස්වේච්ඡා සේවකයන් ප්‍රතිප්‍රහාර එල්ල කර ආරක්‍ෂක අංශ එම ස්ථානයට පිටත් කර යවා ඇතත් ත්‍රස්තවාදීන් කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.

පසුගිය අගෝස්තු මස අවසානයේදී, නාරතිවත් හි දුම්රිය ස්ථානයක් වෙත ගමන් කරමින් සිටි භාණ්ඩ දුම්රියක බෝම්බයක් පුපුරුවා හරින ලදි. එම ප්‍රහාරයෙන් ද දුම්රිය එන්ජිමට දැඩි හානි සිදුවිය.

මෙම ප්‍රහාරවලින් ඇඟවෙන්නේ ත්‍රස්තවාදීන් විසින් hit-and-run පන්නයේ ත්‍රස්ත ප්‍රහාර වේගවත් කර ඇති බවයි.

ජාත්‍යන්තර විශ්ලේෂකයින් අනුමාන කළේ මෑතකදී ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීම නිසා ඉස්ලාමීය දැඩි මතධාරීන් විසින් තලේබාන් තන්ත්‍රයේ රට පාලනය කිරීම හේතුවෙන් තායිලන්තයේ මුස්ලිම් බෙදුම්වාදී ව්‍යාපාර නැවත බල ගැන්විය හැකි බවයි.

දශක දෙකකට ආසන්න කාලයක් පුරා ඉස්ලාමීය බෙදුම්වාදීන් විසින් ආරක්ෂක භටයින් සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, ගුරුවරුන් සහ නිලධාරීන් ඇතුළු සිවිල් වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ලකරමින් සිටියි.

Related posts

ඉන්දුනීසියාවේ බස් රථ අනතුරකින් 27ක් මරුට

colombotoday

කොරෝනා වෛරසයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් අල්ලාහ්ගේ නාමයෙන් තවුහිඩ් ජමාත් ඉල්ලයි

colombotoday

මොහොමඩ් නබිට අපහාස කලායැයි මරණ දඬුවම නියම වූ කාන්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණය නිදහස් කරයි

colombotoday

ඇමෙරිකාවේ වෙඩි තැබීම් තුනකින් 9ක් මරුට

Admin

ඔක්ස්ෆර්ඩ් උපාධිධාරි ඇෆ්ගනිස්ථානයේ හිටපු ඇමති දැන් ජර්මනියේ පීසා ඩිලිවරි කරයි.

colombotoday

ලෝක ජනගහනය බිලියන අට පසු කරයි… බිලියන අට වැනි බිලිඳිය පිලිපීනයේදී මෙලොව එළිය දකී

Admin