Colombo Today Local News

වෛද්‍ය ලාංඡනයෙන් ගංජා. නාවික හමුදා ඇඳුමෙන් අයිස්. ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට.

වෛද්‍ය ලාංඡනයෙන් සංචරණ නීති කඩකරමින් ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙක් හා නාවික හමුදා ඇඳුමකින් අයිස් ප්‍රවාහනය කළ පුද්ගලයෙක් මරදාන පොලිසියේ අත්අඩංගුවට.

ඊයේ (06) පස්වරුවේ පංචිකාවත්ත ප්‍රදේශයේ දී මරදාන පොලිසිය විසින් මාර්ග බාධකයක් යොදා වාහන පරීක්ෂාවේ යෙදී තිබෙනවා.

මෙහිදී වෛද්‍යවරයෙක් ගේ ලාංඡනය කින් පැමිණි මෝටර් රථයක් පරික්ෂා කිරීමේදී ඒ තුළ ගංජා ප්‍රවාහනය කර ඇති බවට පොලීසිය තහවුරු කරගෙන තිබෙනවා.

එම පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම ස්ථානයේ වැඩිදුරටත් රථ වාහන සෝදිසි කිරීමේදී නාවික හමුදා ටී ෂර්ටයකින් සැරසී ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයෙක්ද මරදාන පොලිසිය විසින් පරික්ෂා කිරීමේදී එම පුද්ගලයා සතුව අයිස් නැමති මත්ද්‍රව්‍ය තිබී ඇති බවට සොයාගෙන තිබෙනවා

පසුව මෙම පුද්ගලයින් දෙදෙනා සහ ඔවුන් පැමිණි වාහන මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා මරදාන පොලිසිය වෙත රැගෙන ගියා .

සංචාරණ නීති වලට මුවාවී කටයුතු කරන මෙම පුද්ගලයින් පිළිබඳව පොලිසිය දැඩි අවධානයකින් යුක්තව කටයුතු කිරීම හේතුවෙන් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.

Related posts

දිවුලපිටියේ පන්දම් විරෝධයට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධගේ මැරයෝ පහර දෙයි

Admin

පාසල් සිසුවියන් 16 කට අතවර කළ ටියුශන් ගුරා අත්අඩංගුවට

Admin

අගමැති ධුරය අතහරින්න සූදානම්

colombotoday

ගිනි අවියක් සමග දකුණේ සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවට

colombotoday

පාසල් විෂයමාළාවෙන් “ආගම” ඉවතට ? “සර්වාගමික සංහිඳියා” විෂයක් ගෙනඒමේ සූදානමක්

colombotoday

මාරාන්තික උපවාසයේ යෙදී සිටි ගොවීන් දෙදෙනෙක් රෝහලට

colombotoday