Colombo Today Local News

“මම 12 වසර දක්වා ඉගෙනගත්තා.. මට ඉස්සන් ගොවිපළක් තියනවා” – සුදුසුකම් ගැන මන්ත්‍රීලා කතා කරයි


පාර්ලිමේන්තුවේ පසුගියදා ඇතිවූ ගුටිබැට හුවමාරුවත් සමග මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් හා ඔවුන්ගේ පසුබිම පිළිබදව සමාජජාලවල මේ දිනවල යළිත් කතාබහක් ඇතිව තිබෙනවා.

ඒක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත හා රංජිත් ද සොයිසා යන මහත්වරුන් මේ පිළිබදව මෙසේ අදහස් දක්වා තිබුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත

සමාජ ජාල වෙබ් අඩවි වල පළ වෙලා තිබෙනවා මගේ රැකියාව කසිප්පු පෙරෙන එක වගේම මගේ අධ්‍යාපනය 4 වසර දක්වා කියලා. මගේ පවුලේ ආදායම් මාර්ගයට ඉස්සන් අභිජනන මධ්‍යස්ථානයක් තිබෙනවා අක්කර 200 ක විතර, ඒ වගේම මගේ අධ්‍යාපන සුදුසුකම් බලා ගන්න අවශ්‍ය නම් මීගමුවේ සාන්ත මරියා පාසලට ගියා නම් ඔය චෝදනා කරන අයට අවශ්‍ය විස්තර ගන්න පුළුවන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා

සමාජ ජාලා වෙබ් අඩවි මගින් අවශ්‍ය කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. නමුත් අපේ සමාජ තත්ත්වය වගේම අධ්‍යාපන මට්ටම ගැන ඉතා පහත් ලෙස සඳහන් කරලා පණිවිඩ පළකරලා තිබුනා. එසේ ප්‍රචාරය කළ පුද්ගලයා ගේ ෆේස්බුක් ගිණුම ගැන කළ සොයා බැලීමේදී ඔහු ජනතා විමුක්ති පෙරමුණට සහය දක්වන අයෙක් බව පෙනී ගියා. ජනතා විමුක්ති පෙරමුණ සිය පාක්ෂිකයින් මෙවැනි වැඩ සඳහා යොදා ගනිමින් සිටිනවා. ඒ වගේම පැහැදිලිව කියනවා මම ගොඩකවෙල රාහුල විදුහලේ 12 වසර දක්වා අධ්‍යාපනය ලබලා පසුව දෑ අවුරුදු කෘෂි කර්ම පාඨමාලාවක් හදාරලා තිබෙනවා. මගේ පවුල් පසුබිම ගැන හෝ අධ්‍යාපනය ගැන මේ වගේ කියන්න අවශ්‍ය නෑ.

Related posts

සංගීත සංදර්ශන පැවැත්වීමට තිබූ කාලය දීර්ඝ කරයි

Admin

අල් හුසේන්ට එරෙහිව විරෝධතා කළාට විමල් ඇතුළු 7ක් උසාවි කැදවයි.. ලක්ෂය බැගින් ඇප

colombotoday

පොල් ගෙඩි තුළ සඟවා තිබූ හෙරොයින්

colombotoday

ඉන්දන මිල සූත්‍රයට ඉදිරියේදී සහනයක්

Admin

තියුණු කැපුම් තළ 300ක් කැකිරාව වැවකින් මතුවෙයි… ඕනෑම අවස්ථාවක භාවිතයට ග්‍රීස් ගල්වා තිබිලා..

colombotoday

විල්පත්තුවේ වන විනාශය පූක්කුලමෙන් යලි පටන් ගනියි

colombotoday