Colombo Today Local News

විශ්ව විද්‍යාල පනතට අත තියන්න එපා | සජිත් ප්‍රේමදාස තග දමයි.

ජනතා විරෝධි අරමුණු ඉටුකරගැනීම සඳහා විශ්වවිද්‍යාල පනතට අත නොතබන ලෙසත් ජනතාව දශක ගණනාවක් බුක්ති විඳි නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාදය කප්පාදු කිරීමට කටයුතු නොකරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රජය හිතුවක්කාර ලෙස විශ්වවිද්‍යාල පනත සංශෝධනය කර හෝ යෝජිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්මත කරගැනීමට උත්සාහ කරන්නේ නම් විද්වත් මහා සංඝරත්නය, විශ්වවිද්‍යාල ප්‍රජාව, සිවිල් සංවිධාන, අනෙකුත් දේශපාලන පක්ෂ සහ මෙරට සමස්ත ජනතාව ඒකරාශී කරගනිමින් රජයේ එම උත්සාහය පරාජය කිරීමට අධිෂ්ඨානශීලීව කටයුතු කරන බවද විපක්ෂනායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
“ජුලි මස 16 වන දින බෞද්ධ උපදේශන සභාව හමුවේ අදහස් දැක්වු ජනාධිපතිතුමා ප්‍රකාශ කර ඇත්තේ 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතෙහි කොටස් සංශෝධනය කොට හෝ යෝජිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්මත කරගන්නා බවයි.

මෙවැනි ජනතා විරෝධි අරමුණු ඉටුකරගැනීම සඳහා විශ්වවිද්‍යාල පනතට අත නොතබන ලෙසත් ජනතාව දශක ගණනාවක් බුක්ති විඳි නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාදය කප්පාදු කිරීමට කටයුතු නොකරන ලෙස‘ත් ජනාධිපතිතුමාට උදක්ම දන්වා සිටීමට අපි කැමැත්තෙමු.

එමෙන් ම විධිමත් සාකච්ඡාවකින් හා සම්මුතියකින් තොරව විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමට යාමෙන් මෙරට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය දැඩි අර්බුදකාරි බවකට තල්ලු වී යා හැකි බව ද වගකිව යුතු විපක්ෂයක් වශයෙන් අප මතක් කර සිටිමු” යැයිද එහිසඳහන් වේ.

Related posts

එනසාල් කිලෝව රු. 13000 යි

colombotoday

ලබන මස මැදදී සංචාරකයන්ට මුළු රටම විවෘත කිරීමේ සැලසුමක්

colombotoday

භාරකාර රජයේ ඇමති මණ්ඩලය දිවුරුම් දෙයි.. අලුත් ඇමතිවරු මෙන්න..

colombotoday

රජයේ පාලන මිල අවලංගුයි ! දේශීය හාල් කිලෝවක මිල රු 120ත් පනී

colombotoday

නයන වාසුලගේ දේහය කේ. සුජීවාගේ දියණියන් බාර ගනී

Admin

බණ්ඩාරනායක මාවතේ 1010 ක් නිරෝධායනයට

colombotoday