Colombo Today Local News

විල්පත්තුව ගැන සොයා බලන්න ෆොන්සේකාර මමත් සහය දෙනවා – බදියුදීන් කියයි

විල්පත්තු රක්ෂිතය කපා දමා මුස්ලිම් ජනතාව එහි පදිංචි කරන බවට ඇතැම් මාධ්‍ය මඟින් ගෙන යන ප්‍රචාර පිළිබඳව සොයා බලන ලෙස තමා නව වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලා සිටින බවත් එසේ විල්පත්තු රක්ෂිතය තුළ මුස්ලිම් ජාතිකයින් පදිංචි වී සිටිත්නම් ඔවුන් ඉන් ඉවත් කිරීමට තමාද සරත් ෆොන්සේකා මහතාට සහයෝගය දක්වන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසයි.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පසුගියදා  පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.

විල්පත්තුව සම්බන්ධයෙන් ඇතැම් ජාතිවාදී කණ්ඩායම් ,ඇතැම් ජනමාධ්‍ය ,රටේ ජනතාවගේ සහජීවනය බලාසිටීමට අකමැති පිරිස් වගේම ඩයස් පෝරාව බොරු ප්‍රචාර සමාජ ගත කරමින් ඉන්නවා.මේ කතාවල සත්‍ය අසත්‍ය භාවය රටට හෙළිකරන්න කියල මම අපේ අලුත් වනජීවී අමාත්‍ය ෆොන්සේකා මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා එතුමා දක්ෂ නායකයෙක් ඔහුට පුළුවන් වේවි මෙහි සත්‍යතාවය හොයාගන්න. විල්පත්තුව රක්ෂිතය ඇතුළෙ අඟලක් හරි විනාශ වෙලා තියෙනවනම් ,මුස්ලිම් ජාතිකයින් ඉඩම් අල්ලලා නම් ඔවුන් එලවන්න මමත් අමාත්‍යවරයාට මගේ සහය දෙනවා.

 

Related posts

නව ලිට්‍රෝ සභාපති මෙන්න

Admin

ඩොලරය ඉහළ යයි

Admin

කොරෝනා අසාදිතයින්ගේ ගණන 132 දක්වා ඉහළට

colombotoday

බසයක් ලොරි‍යක ගැටී 15ක් රෝහලට… කතක් මිය යයි

Admin

පාතාල කල්ලි සාමාජික ඉන්ද්‍රගේ ප්‍රධාන ගෝලයකු වන අක්කු අත්අඩංගුවේ

colombotoday

උතුරේ මුහුදු කටයුතු උතුරු පළාත් සභාවට…?

colombotoday