Colombo Today Local Newsfeatured

බන්ධනාගාර වෛද්‍යවරයාට තර්ජනය කල රිෂාඩ් දුරකතනයකින් කතා කරමින් සිටියදී මාට්ටු.

අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමෙන් අනතුරුව, මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් ඔහුගේ සිර මැදිරිය තුල ඊයේ (1) දිනයේදී දුරකතනයකින් කතාකරමින් සිටියදී ප්‍රධාන ජේලර්වරයාට සහ තවත් ජේලර්වරයෙකුට හසුවී තිබෙනවා.

ජේලර්වරුන් පැමිණෙනවා දුටු රිෂාඩ් බදුයුදීන් දුරකථනය සිර මැදිරියේ කවුළුව තුලින් එලියට විසිකර තිබෙනවා.

පසුව එම දුරකථනය අදාළ ප්‍රධාන ජේලර්වරයා විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා බුද්ධි අංශ භාරයට පත්කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධව බන්ධනාගාර ආඥ්ඥා පනතේ විධි විධාන අනුව කටයුතු කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

මීට ඉහතදී බන්ධනාගාර වෛද්‍යවරයෙකුට ද රිෂාඩ් බදුයුදීන් විසින් මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතී.

Related posts

හම්බන්තොට දිස්ත්‍රික්කයෙනුත් කොරෝනා රෝගීන් දෙදෙනෙක්

colombotoday

තර්ජනවලට බය නෑ… දිගටම වර්ජනය කරනවා – දුම්රිය වෘත්තීය සමිති කියයි

colombotoday

පොලිස් රාජකාරියට බාධා කළ දෙදෙනෙක් අත්අඩංගුවට..

colombotoday

රත්ගම ප්‍රාදේශීය සභාවේ අය වැය සම්මතයි

colombotoday

සියලු විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම්

colombotoday

“ජාතික නායකයා“ යැයි සදහන් කරමින් යාපනේ, ප්‍රභාකරන්ගේ පොස්ටර් ඇලවෙයි !

colombotoday