Colombo Today Local News

“වාද විවාද අනවශ්‍යයි…” භූමිතෙල් වැඩිකළ හේතුව අගමැති හෙළිකරයි…

භූමිතෙල් මිල වැඩිකළේ භූමිතෙල් සහනාධාරය දුනහොත් ඩීසල් වෙනුවට වාහනවලට භූමිතෙල් යොදා ගැනීමෙන් තෙල් සංස්ථාවට දරාගත නොහැකි පාඩුවක් සිදුවන නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

හික්කඩුව නව ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයීය ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යතුමා එසේ පැවැසීය.

“භූමිතෙල් මිල වැඩිවීම ගැන වාද විවාද අවශ්‍ය නැහැ. මිල සහනාධාරය දුනහොත් වාහනවලට ඩීසල් වෙනුවට භූමිතෙල් යොදාගැනීම නිසා තෙල් සංස්ථාවට දරාගන්න බැහැ කියා සංස්ථාව දැනුම් දී තිබෙනවා. තෙල් සංස්ථාව ගෙනියන්නේ පාඩුවට. මේ වන විටත් විදුලිබල මණ්ඩලයටත්, ගුවන් සේවයටත් රුපියල් මිලියන හැත්තෑදහසක් බිල් ගෙවන්න ණය තිබෙනවා.

එනිසා භූමිතෙල් මිල සහනාධාරය දුනහොත් තෙල් සංස්ථාවේ කටයුතුවලට දැඩි බලපෑමක් ඇතිවෙනවා. මේ හේතුව මත අපි උපදෙස් දුන්නා තෙල් සංස්ථාවට, විදුලි බලය නැති සමෘද්ධි ජනතාවටත්, ධීවර ජනතාවටත් භූමිතෙල් සහනාධාරය ලබාදීමට කටයුතු කරන ලෙස. ලෝකේ තෙල් මිල අඩුවෙනවා නම් මේ ප්‍රශ්නය විසඳෙනවා. අපි බලා‍පොරොත්තු වෙනවා අවුරුද්දක් විතර වෙනකොට ලෝකයේ තෙල් මිල අඩුවෙලා ඒකේ වාසියෙන් ජනතාවට තෙල් මිල අඩුවට ලබාදෙන්න.” යැයිද අගමැතිවරයා එහිදී කියා සිටියේය.

Related posts

පාරකට නම් ගහන්න ගිය ඇමති සිරිපාල ගම්ලත් ට දැඩි විරෝධයක්

Admin

බස්නාහිර පළාතේ අපරාධ කල්ලි 25 ක් !

colombotoday

ලංකාවට එන විදේශිකයන්ට ඔන්ලයින් වීසා දෙන්න බලයලත් නියෝජිතයෙක්

Admin

බියවැද්දීම්වලට අපි බය නෑ… ඕනනම් හැප්පිලා බලමු – රජයේ වෙදැදුරෝ CEPA විරෝධය ගිණියම් කරයි

colombotoday

පෞරාණික ස්ථානයක නිධන් හෑරූ 4ක් අල්ලයි

Admin

යාපනය ගුවන් තොටුපොළ විවෘත කිරීමේ උත්සවයේදී ජාතික ගීය ගායනයක් නෑ

colombotoday