පොට්ට නවුෆර් බන්ධනාගාරයේදී කොවිඩ් රෝගයෙන් මියයයි
කොවිඩ් 19 වෛරසය අසාදනය වී බන්ධනාගාර රෝහලේ ප්රතිකාර ලබමින් සිටි පාතාල කල්ලි නායකයෙකු වන පොට්ට නවුෆර් අද (28) දින මියගොස් ඇති බව වාර්තා වෙනවා.
ඔහු දීර්ඝ කාලයක සිට වකුගඩු ආබදයකින් පෙලී සිට ඇත.
කීර්තිමත් මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනයට වැරදිකරු වූ පොට්ට නවුෆර් මරණ දඬුවම ලබා සිටි සිරකරුවෙකි.