ගල්නෑව පොලිස් බල ප්‍රදේශයේ පිහිටා ඇති නෑගම මොහිදීන් ජුම්මා පල්ලියේදී ප්‍රදේශයේ සුෆි මුස්ලිම් ජනතාව විසින් සංවිධානය කර ඇති නබි නායක ජන්ම දිනය සැමරීම නොකරන ලෙසට අන්තවාදී මත දරන මුස්ලිම් පාර්ශව බලපෑම් කරමින් සිටින බව වාර්තා වෙනවා.
අද සවස 6ට ප්‍රදේශයේ සුෆි මුස්ලිම් ජනතාව සීමිත පිරිසක් නිරෝධායන නීතීන් යටතේ මෙම සැමරීම සිදුකිරීමට සැලසුම් කර ඇති අතර ඊට අවශ්‍ය අවසර ද ලබාගෙන ඇත. නමුත් අන්තවාදී මත දරන මුස්ලිම් කණ්ඩායම් විසින් එම සැමරුම සිදුකිරීමට ඉඩ ලබා නොදෙන බව පවසමින් තර්ජනාත්මක ලෙස ක්‍රියාත්මක වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.