Colombo Today Local News

හෙරොයින් සමඟ මධූෂ්ගේ ප්‍රබල ගෝලයෙක් අත්අඩංගුවට

මාකඳුරේ මධූෂ් නැමැත්තාගේ ප්‍රධාන ගෝලයා බවට සැකකරන පුද්ගලයකු සහ තවත් දෙදෙනෙකු හෙරොයින් මත්කුඩු මිලි ග්‍රෑම් 10,900 ක් සමඟ ඊයේ (29) ලබුදූව , ගොනාමුල්ල සහ නියාගමදි සැකපිට අත්අඩංගුවට ගත්බව අක්මීමණ පොලීසිය කියයි.

පොලිස් බුද්ධි නිලධාරියෙක් ලබාදුන් තොරතුරුක් මත මෙම වැටලීම් සිදුකර තිබේ.

පොලිසිය පවසන්නේ 38 හැවිරිදි ප්‍රධාන සැකකරු හපුගල මොල්ලිගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි. මොහු මත්කුඩු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව මහාධිකරණයෙන් ඇප ලබා පැමිණි පුද්ගලයෙකු බව පොලීසිය කියයි.

සෙසු සැකකරුවන් වයස අවුරුදු 23 සහ 33 වියේ පසුවන්නන් වන අතර ඔවුන් ගොනාමුල්ල සහ නියාගම ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.

සැකකරුවන් තිදෙනා සමඟ අත්අඩංගුවට පත් හෙරොයින් තොගය හෙට (30) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

කොරෝනා මරණ ගණන 132 දක්වා ඉහළට… වෛරසය රටවල් 15කට පැතිරෙයි…

colombotoday

කූඨ ලේඛණ හැදුවා කියා තිස්ස අත්තනායක නැවතත් රිමාන්ඩ් !

colombotoday

ලක්ෂ 4ක ජනතාවක් අපේ FREE WI-FI වලින් ඉන්ටනෙට් එනවා…

colombotoday

ලංකාවේ ඇඹුල් කෙසෙල් අපනයනය හෙට සිට

Admin

වැලිකඩට අලුත් සී.සීටී.වී. කැමරා

colombotoday

යහපාලනයෙන් වැඩක් නෑ කියා නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචිනිලමේ විපක්ෂයට එක්වෙයි

colombotoday