Colombo Today Local News

මිගමුව බන්ධනාගාරයේ නියාමකවරියකගෙන් “අරුණ” පුවත්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

“අරුණ” පුවත්පතට අයත් aruna.lk වෙබ් අඩවියේ පළවූ පුවතකින් තම චරිතයට බරපතල හානියක් සිදුකර ඇති බව සඳහන් කරමින් මිගමුව බන්ධනාගාරයේ නියාමකවරියක් වන නිලූකා අඹේවික්‍රම මහත්මිය විසින් නීතිඥවරයෙකු හරහා එම පුවත්පතට එන්තර වාසියක් යවා තිබෙනවා.

“සිරකරුවන් ට සැපදි සුරසැප විදින මීගමුව බන්ධනාගාර යේ ලොක්කෝ” යන ශීර්ෂය යටතේ පළවූ පුවතක,

“මෙහි දෙවන නැව වන්නේ නිලුකා අඛේවික්‍රම නැමති කාන්තා නියාමකවරියකි. ඇය චෝදනා රාශියකට ලක් වී ඇති නියාමකවරියකි. වැලිකඩ කාන්තා අංශයේ ඇති වු කැරැල්ල සඳහා සහය දුන් බවට චෝදනා මත ඇයට ස්ථාන මාරුවක් ද ලබා දී තිබුණා.

ඇය මහර බන්ධනාගාරයේ සිටින විට සිරකරුවකුගෙන් මුදල් තම ගිණුමට බැරකර ගැනිමේ නිසාද චෝදනා ලබා ඇත. එසේම මීකිරිගල සේවය කරමින් සිටියදී සිරකරුවෙකු සමග අයථා ලෙස හැසිරෙමින් සිටියදී හසුවු විට නිරුවතින් පැනයාමද ඇයට ඇති එක් චෝදනාවකි.”

යනුවෙන් සාවද්‍ය කරුණු ඇතුලත් කිරීම තුලින් තම සේවාදයිකාවට බරපතල අපහාසයක් සිදු කර ඇති බවයි නීතිඥ කැලුම් කේ හේවගේ මහතා සඳහන් කර සිටින්නේ.

අදාළ එන්තරවාසිය

Related posts

කෝටි 30ක් නොදුන්නොත් අනිත් පැත්තට යනවා, ඇමතිවරයෙක් දැඩි තීන්දුවක…

colombotoday

හිටපු ජනපති මහින්දගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

Admin

ශාසනාරක්ෂක සභාවට මඩකලපුව තහනම්.. මාර්ග අවහිරයි, වැලිකන්ද උණුසුම් (Video)

colombotoday

‘කොටි හඬ’ට පණ එයි! යළිත් විකාශණය ඇරඹේ

colombotoday

අරාබි නවාතැන්පොළ හදන ශ්‍රීපාද අඩවියේ පීක් වත්තේ හෙළිනොවූ ඡායාරූප මෙන්න

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවේ

colombotoday