Colombo Today Local News

ආණ්ඩුව පෙරළා දමනවා – ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

මේ රටේ සියලු ප්‍රගතිශීලී බලවේග සමඟ එක්වී ආණ්ඩුව පෙරළා දමන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

හෙතෙම මේ අදහස් පළකළේ පසුගිය 18දා නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ ජාතික ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රිවරු දහසය දෙනාගේ කණ්ඩායම නිල වශයෙන් පැවැත්වූ ප්‍රථම මාධ්‍ය හමුව අමතමිනි.

එහිදී අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

අපි වමේ දේශපාලන නායකයන් ඇතුළු සියලු දේශපාලන නායකයන් හමුවී ඔවුන්ගේ අදහස් ලබාගැනීම සිදුකරනවා. කාගෙවත් අතකොළු වී හෝ කොන්ත්‍රාත්කරුවන් නොවී ආණ්ඩුව බිඳ දමා ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවීම දක්වා ගමන් කරන ව්‍යාපාරයක් ගෙනයෑමයි අපේ අරමුණ.

අපි කනගාටු වෙනවා ඇතැම් දේශපාලනඥයන් රණවිරුවන්වත් ත්‍රස්තවාදීන්වත් සමාන කර සැලකීම පිළිබඳ. රණවිරුවන් කියන්නේ මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් නිදහස වෙනුවෙන් සටන් කළ පිරිස. ත්‍රස්තවාදීන්ගේ මූලික බලාපොරොත්තුව බෙදුම්වාදයයි. බෙදුම්වාදය සඳහා ක්‍රියා කළ ත්‍රස්තවාදීන් මිනිස් ජීවිත ආරක්ෂා කිරීම සඳහා ජාති භේදයෙන් තොරව සටන් කළ රණවිරුවන් එක හා සමානව සමරන්න මේ රටේ කිසිසේත්ම ඉඩක් තියෙන්න බැහැ.

ජනාධිපතිතුමා පක්ෂයේ නායකයා ලෙස පසුගිය ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාවේදී කියා සිටියේ මේ ආණ්ඩුව තුළ හිටියොත් ශ්‍රී ලනිපය විනාශ වෙලා යන බවයි. ඒ නිසා ඉතුරු පිරිසටත් ආණ්ඩුවෙන් ඉවත්වීමට දින වකවානු ලැහැස්ති කරගන්න කියලා එතුමා අවධාරණය කළා.

ඒ නිසා අපි අනිත් අයටත් කියන්නෙ ආණ්ඩුවෙන් එළියට එන්න කියලා.

Related posts

පනස් හැවිරිදි පෙම්වතා නිසා ‘විසි හතර හැවිරිදි තරුණිය’ ජීවිතය අතහරී.. තිසරපටයේ සගවා තිබූ ලිපිය සැඟවුණු තොරතුරු හෙළි කරයි.

colombotoday

මඩකලපුවෙන් අත්බෝම්බ 24ක් සොයා ගැනේ

colombotoday

18 හැවිරිදි තරුණියක් සැකකටයුතු ලෙස ජීවිතක්ෂයට

Admin

රට බංකොලොත් කලේ යහපාලන ආණ්ඩුවයි

Admin

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් දෝස්මුරයක්

colombotoday

යාපනය ශ්‍රී නාග විහාරයේ බුදුපිළිම වහන්සේට ගල් ගසයි

colombotoday