Colombo Today Local News

කුඩු අංජු ගේ සල්ලි එකතුකළ යුවලක් කොටු. බිරිඳ නිලියක්.

ශ්‍රී ලංකා පොළිසියට අවශ්‍යව සිටින මිනිමැරුම් චෝදනා ලබා සිටින හා මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙකු වන කුඩු අංජු නම් පුද්ගලයාගේ ඥාතී සහෝදරයෙකු වන 27 හැවිරිදි චාමර සදරුවන් නැමැත්තා හා ඔහුගේ බිරිද වන 24 හැවිරිදි කාන්තාව (රංගන ශිල්පිණියක්) ඊයේ රාත්‍රියේදී අතුරුගිරිය මිලේනියම් සිටියේදී අත්අඩංගුවට ගෙන ඇත.

අතුරුගිරිය පොළිසියේ කොට්ඨාශ බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදි ඔවුන් සතුව තිබු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 ක් මුදල් රු ලක්ෂ 14 ක් මුදල් ගනින යන්ත්‍ර 3 ක් ජංගම දුරකතන 3 ක් මෝටර් රථයක් සොයාගෙන ඇත.

මෙම පුද්ගලයා ලැබෙන දුරකතන ඇමතුම් මත පිළියන්දල කොට්ටාව අතුරුගිරිය මහරගම ප්‍රදේශවලට ගොස් එකතු කරගන්නා මුදල් රැගෙන ඇවිත් නැවත ලැබෙන දුරකතන ඇමතුම මත ගෙන ගොස් බාරදීම සිදුකර ඇත.

මීට දින 3ට ඉහතදී කෝටි 10 මුදල් සංසරණයවි ඇති බව සොයාගෙන ඇත මෙම දෙදෙනා කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.

Related posts

නව අමාත්‍යාංශ දෙකට ලේකම්වරු

colombotoday

සාහුල් හමීඞ් හිස්බුල්ලා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට

colombotoday

“කාන්තන්කුඩි, කල්මුනේ ප්‍රදේශවල නිතරම මුස්ලිම් ගැටුම්” – එම්. ඉන්තිකාබ් (සුන්නහ් ට්‍රුස්ට් ශ්‍රී ලංකා)

colombotoday

වයස 24 තරුණියගේ බූරු පොලේ බූරු ගැසූ 7ක් නිරෝධායනයට

colombotoday

කොස්ගොඩදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කරයි.. සැකකරු නිදැල්ලේ..

colombotoday

වෙන වෙනම තරග කර ප්‍රාදේශීය සභා, පළාත් සභා හවුලේ පාලනය කරන්න එකගත්වයක් !

colombotoday