Colombo Today Local News

ජවිපෙ මැයි රැළිය යාපනේ සැමරීමට යයි

වැඩකරන ජනතාවගේ දිනය වන මැයි පළමු වැනි දා වෙසක් සතියේ දිනයක් වන නමුත් තම පක්ෂය එදින මැයි දිනය සමරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප‍්‍රකාශ කළේය.

කුමන කරුණක් නිසා හෝ වෙසක් දිනය හෝ මැයි දිනය වෙනස් කිරීමට නොහැකි  බැවින් ඒ සියල්ල සළකා මෙවර මැයි දිනය යාපනයේ දී සමරන්නට කටයුතු යොදා ඇතැයි ද ජවිපෙ ලේකම්වරයා කීය.

මහනායක ස්වාමීන්වහන්සේලා ඉල්ලා තිබුණේ වෙසක් උත්සවයට බාධාවක් නොවන විදිහට මැයි දිනය සමරන ලෙස බවත් උන්වහන්සේලාගේ ඉල්ලීම ඉතාම සාධාරණ බවත් කී සිල්වා මහතා යාපනයේ දී මැයි දින සැමරීම වෙසක් උත්සවයට බාධාවක් නොවන නිසා තමන් එසේ කරන බව ද පැවැසීය.

කෙසේ වෙතත් වෙසක් සතිය පසුවූ පසු මැයි හත් වැනිදා කොළඹ දී ද මැයි දින පෙළපාළියක්  හා රැළියක් පවත්වන බව ද පෙළපාළිය කැම්බල් පිටියෙන් ඇරඹෙන අතර රැළිය බී ආර්සී පිටියේ දී පවත්වන බව ද හෙතෙම කියා සිටියේය.

ජවිපෙ ලේකම්වරයා මේ අදහස් පළ කළේ එම පක්ෂ මුලස්ථානයේ අද (11) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

ජනපතිගේ ප්‍රකාශ නොසැළකේ.. “පුරුදු විදිහටම කරගෙන යන්න“ අගමැති FCID,CIDයට දන්වයි

colombotoday

වතුර බෝතලෙන් ගහපු ගැහිල්ල

Admin

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වසරක පාඩුව ඩොලර් කෝටි 16ක්

colombotoday

සිංහල නමකින් පෙනී සිටිමින් ජාතිවාදය ඇවිලවූ මුස්ලිම් සිසුවා රිමාන්ඩ්

colombotoday

30 වැනිදා කොළඹ කොටස් වෙළෙඳපොළ මෙහෙයුම් කටයුතු නෑ..

Admin

දෙල්කඳ දී පොලිසියට තග දැමූ පුද්ගලයා අත්අඩංගුවට

Admin