Colombo Today Local Newsfeatured

කොරෝනා මරණ අවසාන කටයුතු චක්‍රලේඛයට අනුවයි | ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරියවත් දැනුම්වත් කරන්න. | සෞඛ්‍ය අධ්‍යක්ෂක පොලීසියට දන්වයි.

කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් මියගිය ගාල්ල දෙද්දුගොඩ පදිංචි මුස්ලිම් ජාතිකයකුගේ අවසන් කටයුතු, කොවිඩ් – 19 මෘත දේහ සම්බන්ධයෙන් මින් ඉහත නිකුත් කර ඇති චක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කරන ලෙසත්, එම උපදෙස් පිළිබඳව ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය දැනුම්වත් කරන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න මහතා විසින් ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට අද (23) ලිඛිතව දැනුම් දී තිබේ.

පසුගිය 19 වනදා සිදුවූ මෙම මරණය කොරෝනා ආසාදිත මරණයක් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය සැළකිල්ලට ගත් කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩ බලන හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා එම සිරුර ආදාහනය කිරීමට පසුගිය 20 වනදා නියෝග කළේය.

මේ අවස්ථාවේ දී මියගිය තැනැත්තාගේ පුතකු දේහය භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් ආදාහනය කිරීමට විරෝධය දක්වා භූමදාන කරන්නේනම් පමණක් දේහය භාරගැනීමට කටයුතු කරන බව දන්වා තිබිණි.

නමුත් හදිසි මරණ පරීක්ෂකවරයා විසින් ලබාදුන් එම නියෝගය ක්‍රියාත්මක නොකළ පොලිසිය පසු දා (21) මියගිය පුද්ගලයාගේ ඥාතීන් සමඟ ගොස් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. ගාල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය මෙම පැමිණිල්ල මෙහෙයවා තිබිණි.

පොලිසිය හා ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය මේ පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට කරුණු දක්වා උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස පොලිසියට නියෝග කර තිබිණි.

ඒ අනුව පොලිසිය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් උපදෙස් ඉල්ලා සිටීම හේතුවෙන් එයට පිළිතුරු වශයෙන් ලිපිය යොමුකර තිබිණි.

ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට මෙම මරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීමේ දී මියගිය තැනැත්තාගේ ඥාතීන් විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා අධිකරණ අමාත්‍ය අලි සබ්රි වෙත නිකුත් කළ ලිපියක් ද ඉදිරිපත් කර තිබිණි. එම ලිපියේ දක්වා තිබුණෙ අලි සබ්රි අමාත්‍යවරයා යෝජනා කළ පරිදි මළ සිරුරු බහාලීම සඳහා ශීතාගාර කන්ටේනර ලබාදීම සිදුකරන ලෙසයි.

මේ පිළිබඳ 2020 දෙසැම්බර් 22 වැනි දින ජාතික රෝහල් නියෝජ්‍ය අධයක්ෂවරුන්ට, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට, දිස්ත්‍රික් සෞඛය සේවා අධ්‍යක්ෂවරුන්ට සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට, රෝහල් අධිකාරීවරුන්ට හා සියළුම අධිකරණ වෛද්‍යවරුන්ට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් පැහැදිලි කිරීමක් ද යවා ඇත.

එහි දක්වා ඇත්තේ එම ලිපිය රජයේ අමාත්‍යවරයකු වූ අධිකරණ අමාත්‍ය අලි සබ්රි සමඟ කරන ලද වෙනත් සාකච්ඡාවක දී පැන නගින ලද කරුණු සම්බන්ධයෙන් යවන ලද්දක් බවයි. එම ලිපිය කිසිසේත්ම මීට පෙර නිකුත් කරන ලද මළ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳ චක්‍රලේඛ හා 2020 අප්‍රේල් 11 වැනි දින නිකුත් කරන ලද අංක 2170/8 දරණ ගැසට් පත්‍රයේ උපදෙස්වලට අමතරව නිකුත් කරන ලද ලිපියක් නොවන බවයි. ඒ අනුව වලංගු වන්නේ මීට පෙර නිකුත් කර ඇති චක්‍රලේඛ හා ගැසට් නිවේදන බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දැනුම් දී තිබේ.

Related posts

ජනපති බලගතු තීරණයක් ගනී… දේශපාලනය උඩු යටිකුරු වෙන්න යයි !

colombotoday

කොළඹ – මීගමුව අවට වෙරළ තීරයට ගොඩ ගසන දේවල් අල්ලන්න එපා – එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන දැනුම්දීමක්

colombotoday

ඉන්ධනහල් අසල දිගු පෝලිම් | පිරවුම්හල් රැසක ඉන්ධන තොග අවසන්

colombotoday

ශ්‍රීලනිපය කඩන්න මහින්දට උවමනාවක් නෑ.. වෙනත් අදිසි හස්ථයක් ක්‍රියාත්මකයි – මහින්ද අමරවීර

colombotoday

ඇමැති ප්‍රසන්නගේ පළමු රාජකාරිය දේපළ අහිමිවූ මන්ත්‍රීවරුන්ට සාධාරණය ඉටු කිරීමයි

colombotoday

බුදු පිළිම වහන්සේට රේගුවෙන් රත‍්‍රං නිදහස් කල නිලධාරීන් අත්අඩංගුවට ගන්න පෙර උපදෙස් දුන් සංඝරත්නය අත්අඩංගුවට ගන්න

colombotoday