Colombo Today Local News

කොරෝනා මරණ 426ක් වේ ආසාදිතයන් 20000 ඉක්මවයි !

නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඊයේ (03දා) දිනය අවසන් වනවිට 426ක් ලෙස සටහන් වී තිබුණි.

චීන සෞඛ්‍ය කොමිසමේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව චීනයේ පමණක් සිදුව ඇති මරණ සංඛ්‍යාව 426කි. එක් මරණයක් පසුගියදා පිලිපීනයේදී සිදුව තිබුණි.

එමෙන්ම කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (03දා) දිනය අවසන් වනවිට 20,471ක් දක්වා ඉහළ ගොස් තිබුණු බවද එම වාර්තා පෙන්වා දෙයි.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සුව වූවන්ගේ ප්‍රමාණය 632ක් ලෙස ඊයේ දිනය අවසන් වනවිට සටහන් විය.

Related posts

සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟ නෑ – ජාතික ජනබලවේගය ජනපතිට දන්වයි..

colombotoday

පුද්ගලයින් තිදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් තාවකාලිකව විදුලිය කප්පාදු කිරීමක්

colombotoday

අනුරාධපුරයේ කොරෝනා රෝගීන් 100ක් ගෙවල් වල

colombotoday

එක්නැලිගොඩ ගැන අහන්න හමුදාපති සහ බුද්ධි අංශ ප්‍රධානියා උසාවි කැදවයි !

colombotoday

ඉන්දියාවට දරුණු පරාජයක්.. අසීරු ඉලක්කයක් හඹා ගොස් සිංහයෝ ලංකාවට ජය ගෙනෙති

colombotoday