Colombo Today Local News

බැදුම්කර අවසන් වාර්තාවටත් බාලගිරි දොස වැළදේ.. තව කල් යන ලකුණු !

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳ දීර්ඝ විමර්ශනයක යෙදුණු ජනාධිපති විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව අනිද්දා (31දා) ජනාධිපතිවරයාට භාරදීමට නියමිතව තිබුණද අවසන් වාර්තාව වෙනුවට සංක්ෂිප්ත වාර්තාවක් එදිනට ජනාධිපතිවරයාට භාරදීම කෙරෙහි කොමිසමේ අවධානය යොමුව ඇති බව ‘මව්බිම් ‘ පුවත්පත වාර්තාකර තිබේ.

මෙම සංක්ෂිප්ත වාර්තාව ඊයේ (28) බාරදීමට සැලසුම්කර තිබුනද එය අසාර්ථක විය.

කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ. ටී. චිත්‍රසිරි මහතාත් සෙසු සාමාජිකයන් වන ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ප්‍රසන්න විජයවර්ධන මහතා සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ යන මහත්වරුන්ද කොමිෂන් වාර්තාව කඩිනමින් පිළියෙල කිරීමේ කටයුතු දිරිගන්වමින් කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රයේ රාත්‍රි 7-8 පමණ වනතුරුත් මේ දිනවල රැඳී සිටින අතර ඊයේද ඇඳිරි වැටෙනතුරුත් ඒ අයුරින්ම ඔවුන් කාර්යාල පරිශ්‍රයේ විවිධ කටයුතු මෙහෙයවමින් සිටිනු දැක ගත හැකිවිය.

කෙසේ වෙතත් වාර්තාව පිළියෙල කිරීමේ කටයුතුවල දිවා රෑ වෙහෙසෙන කොමිසමේ ලේකම් නීතිඥ සුමතිපාල උඩුගමසූරිය මහතාද, සෙසු කාර්ය මණ්ඩලයද දිගින් දිගටම එම කටයුතුවල යෙදී සිටින අයුරුද අපට දැකගත හැකි විය.

එසේ වුවද අනිද්දා (31දා) යින් නිමාවීමට නියමිත කොමිසමේ අධිකාරි පත්‍රයේ කාලය තවදුරටත් දීර්ඝ කර ගැනීම සඳහා ඊයේ (28දා) සවස් වනතුරුත් කොමිසම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර නොමැති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

Srilankanmirror

Related posts

පළමු වරට ගුවනින් හා ගොඩබිමින් STF නිලධාරින් හා ගුවන් හමුදාව එක්ව ගංජා හේන් වටලයි

colombotoday

“අපි එජාප ආණ්ඩුවක් හදනවා” – හර්ෂ ද සිල්වා

colombotoday

වීරසේකර ඇමතිතුමා පැය බාගයක් කතා කළා. පොලිස්පති කිවුවා ප්‍රශ්නේ විසඳනවා කියලා. | නීති සිසුවාට පහරදුන් පොලිස් ලොක්කාගෙන් පුරසාරම්.

colombotoday

ෆේස්බුක් එකෙන් ‘සංහිදියාව‘ කඩන අයට ඇමති චම්පික රතු එළි දල්වයි !

colombotoday

අරාබි රට වලට කසළ තේ යැවීමේ ජාවාරම පිටුපස නැව් සමාගමක ලොක්කෙක්

colombotoday

“අංගොඩ යවා ෆොන්සේකාගේ මොළේ පරීක්ෂාවක් කළ යුතුයි” – ඇමති ඩිලාන් පෙරේරා

colombotoday