Colombo Today Local News

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අසාද් සාලිට රැඳවුම් නියෝග.

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පසුගියදා සිදුකල ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිදුකල මූලික පරීක්ෂණවලින් අනතුරුව අද (16) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

නීතිපති උපදෙස් ප්‍රකාරව අසාද් සාලි අත්අඩංගුවට ගත් බවත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ ඔහු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

පසුගියදා අසාද් සාලි විසින් “අපිට කුරුවානයයි, හදීසයයි ෂරියයි තමයි අපේ නීතිරීති නම් අපි ඒක ගරුකරනවා මිසක් රජයේ නීති බලන්නේ නෑ. රජයේ නීති තියෙන්න පුළුවන්. රජයේ නීතිය රජයට. රටට. ඒක එක පැත්තක තිබිච්චදෙන්. අපේ රටාව ඇවිල්ලා අපේ නීතිය. කුරුවානයේ හදීස්, නබි තුමාගේ හදීස් එක. ඒ ඇරෙන්න අපිට ඊට මීට නීතියක් අපිට නෑ. අපි ඒක තමයි ගරු කරන්නේ” යනුවෙන් සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් දැඩි විරෝධයක් සමාජය තුල හටගෙන ඇති අතර ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ද ලැබී ඇත.

Related posts

මාවනැල්ල ප්‍රා.ස රැස්වීමට සතියක වාරණයක්

colombotoday

මඩකලපුවේ මොකද වුණේ… ඥාණසාර හිමිගෙන් ප්‍රකාශයක් (Video)

colombotoday

මරණ දඩුවම නියම වූ සිරකරුවන් දූපතකට

colombotoday

“රාජිතට විරෝධය පා, කොඩි ඔසවන්න”

colombotoday

මහ බැංකුව පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ විවාදයට නොගෙන කල් දමයි

Admin

පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝ 18,000ක් කොටහේනේදී අල්ලයි

colombotoday