Colombo Today Local News

පාස්කු ප්‍රහාරයට පෙර භික්ෂුන් වහන්සේලා ප්‍රසිද්ධියේ ඉගියක් දුන්නා. | ඒ දිවැසිවර වාක්‍ය අද ඉටුවෙලා. | දැන්වත් එකතුවෙලා වැඩ කරමු – ශ්‍රී ලංකා කතෝලික සභාව කියයි.

පාස්කු ප්‍රහාරයට පෙර සමහර භික්ෂුන් වහන්සේලා ප්‍රසිද්ධියේ ඉගියක් ලබා දුන් බවත්, ඒ දිවැසිවර වාක්‍ය අද ඉටුවී තිබෙන බවත් ශ්‍රී ලංකා කතෝලික සභාව ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ගාල්ල රදගුරු රේමන් වික්‍රමසිංහ පියතුමා අවධාරණය කර සිටියා.

දැන්වත් අවදි වෙලා ඉදිරි කාලයේදී මෙවැනි විපත්ති නොවන්නට, එකතුවෙලා අපි මේ වෙනුවෙන් කටයුතු කීරීම සඳහා සියලුම ආගමික නායකයින්ට ආරාධනා කර සිටින බවත් එතුමා පැවසීය.

“මම එක අතකින් කනගාටු වෙනවා, වසර දෙක තුනකට ඉස්සර වෙලා සමහර බෞද්ධ භික්ෂූන් වහන්සේලා මේ ව්‍යසනය ගැන විපත්ති ගැන අපිට යම්කිසි ඉඟියක් ප්‍රසිද්ධියේ උන්වහන්සේලා කර තිබුණා. සමහර විට කෙනෙක් අපට කියන්නට පුළුවන් අපි ඒ කාලේ නිහඬව සිටිය කියලා. යම් අවස්ථාවල නිහඩව සිටීම තොරතුරු ලබාගැනීමට කාලයක් අපිට අවශ්‍යයි. ඒක තමයි කතෝලික සභාවේ ප්‍රතිපත්තිය. ඒ නිසා අපි අද උන්වහන්සේලා ඒ කිව්ව සමහර දිවැසිවර වාක්‍යය අද ඉටු වෙලා තිබෙනවා. ඒ නිසා අපිත් ඉල්ලා සිටින්නේ මුළු ලංකාවම බේරාගන්නට, ඉදිරි කාලයේදී මෙවැනි විපත්ති නොවන්නට, මම ආරාධනා කර සිටිනවා සියලුම ශ්‍රී ලාංකිකයින්ට අප සමග හිතවත්ව ආදරයෙන් අනිත් අයගේ යහපත වෙනුවෙන් කටයුතු කරන ප්‍රාර්ථනා කරන සියලුම ආගමික නායකයින්ට අපි එකතුවෙලා දැන්වත් අවදි වෙලා අපි මේ වෙනුවෙන් කටයුතු කරමු කියලා”

Related posts

“නීතිය හා සාමය” දුන්නත් මම බාර ගන්නෑ – ෆොන්සේකා

colombotoday

බේස්ලයින් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

Admin

වීරත්වයට නිගරු කළ මිනිසුන්ට පාඩමක්‌ කියාදුන් රටක්‌ සුවපත් කළ මනුෂ්‍යත්වයේ මෙහෙයුම

colombotoday

කච්චතිව් ඉන්දියාවට?

Admin

පොල්ලකින් පහර කෑ කතක් මරු දකී

colombotoday

රට විවෘත කිරීම සඳහා වන නව මාර්ගෝපදේශ මාලාව මෙන්න

colombotoday