Colombo Today Local News

වර්ණසිංහට වැඩ බෑ… අමාත්‍යාංශය ලබන සතියේ මහ ඇමතිට

varnasinghe

බස්‌නාහිර පළාත් සභාවේ අයවැය ඡන්ද විමසුමේදී පරාජයට පත්වූ නිශාන්ත ශ්‍රී්‍ර වර්ණසිංහ මහතාට අයත් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඊට අයත් සියලු විෂයයන් ලබන සතියේදී තමා යටතට පවරා ගන්නා බව බස්‌නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ‘දිවයින’ ට ඊයේ (24 දා) පැවැසීය.

මෙම අමාත්‍යාංශය පවරා ගන්නා ලෙස බස්‌නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය ලිත ඉල්ලීමක්‌ කර තිබෙන බවත් ඒ අනුව මෙම පවරා ගැනීම සිදුවන බවත් හෙතෙම කීය.

නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාට අයත් අමාත්‍යාංශය යටතට සෞඛ්‍ය, දේශීsය වෛද්‍ය, සමාජ සුබසාධන , පරිවාස හා ළමා රක්‍ෂක සේවා, කාන්තා කටයුතු සහ සභා කටයුතු යන විෂයයන් ඇතුළත් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂය පරාජය වීම නිසා ලබන වසරේ (2016) එම විෂය පථයට අයත් ආයතනවල සේවක වේතන ගෙවීම ඇතුළු අනෙකුත් කාර්යයන් කරගෙන යා නොහැකි බවත්, එය සක්‍රියව පවත්වාගෙන යැමට අවශ්‍ය නිසා එම අමාත්‍යාංශය පවරා ගෙන ආණ්‌ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දීමට කටයුතු කරන බවත් හෙතෙම කීය.

පළාත් සභාවේ සියලුම අමාත්‍යාංශ මහ ඇමැතිවරයාට යටත්ව පවතින බවත් යම් හෙයකින් අමාත්‍යාංශ වැය ශීර්ෂයක්‌ පරාජයට පත් වුවහොත් එම වැය ශීර්ෂය මහ ඇමැතිවරයා යටතට පත්වන බවත් ඒ මහතා කීවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂය පරාජයට පත් වූයේ එම අමාත්‍යාංශය භාරව සිටි නිශාන්ත වර්ණසිංහ මහතාගේ තිබූ දුර්වලතාවක්‌ නිසා බව පවසන මහ ඇමැතිවරයා එයට තමාට දොස්‌ නැඟීම පල රහිත ක්‍රියාවක්‌ බවත් පෙන්වා දුන්නේය.

Divaina

Related posts

සහජීවන වන්දිභට්ටයිනි.. ගුටිකෑ සිසුන්ට නොව, ගුටි කෙළී සසිදරන්ලාට ඔය කිය සහජීවනය උගැන්වූවානම් මැනවි

colombotoday

පළමු වරට ගුවනින් හා ගොඩබිමින් STF නිලධාරින් හා ගුවන් හමුදාව එක්ව ගංජා හේන් වටලයි

colombotoday

නවක වදයට එරෙහි වූ සිසුවෙකුට පහරදුන් කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යාතන සිසුන් 35කට ඇප

colombotoday

ආණ්ඩුවෙන් පඩි ගත්ත දඹර අමිල හිමියන්ට තවත් චෝදනාවක්…

colombotoday

සුජීවගේ නිවස හදිසි සෝදිසි කිරීමක

Admin

පොරොන්දු වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන්න

Admin