Colombo Today Local News

HIV ව්‍යප්තියේ වැඩිවීමක් මෙම වසරේ සිට වාර්තාවිය හැකි – නීතිවේදී කෞශාල් රණසිංහ

කොවිඩ් තත්ත්වයත් සමග මෙරට තුළ එච්අයිවී ව්‍යප්තියේ වැඩිවීමක් මෙම වසරේ සිට වාර්තාවිය හැකි බව සමාජ පර්යේෂකයින් හා සිවිල් ක්‍රියාකාරීන් පවසයි.

“ලිංගාශ්‍රිත බෝවන රෝග පිළිබඳව වරද කොතැනද ? “ නම් ව්‍යාපෘතිය මගින් සිදුකළ විමර්ශනයකදී අනාවරණය වූ කරුණු පිළිබඳව ඊයේ (11)දින පැවති සංවාදයක දී නීතිවේදී කෞශාල් රණසිංහ මහතා ඒ බව අනාවරණය කළේය.

එච්අයිවී මර්දනය සඳහා අරමුදල් සැපයීම කොළඹ සහ ගම්පහ සඳහා පමණක් සීමා කිරීමත් අනෙකුත් ප්‍රදේශ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙරට බලධාරීන් ගතයුතු පියවරයන් ගැන අවසන් තීරණයක් ගෙන නොතිබීමත් ඊට හේතුවන බව ඔහු පැවසීය.

“එච්අයිවී මර්දන ව්‍යාපෘතිය සිදුවන්නේ ගෝලීය අරමුදල යටතේ, කොළඹ සහ ගම්පහ පමණයි. එතකොට අනෙකුත් දිස්ත්‍රික්කවලට මොකක්ද සිද්ධවෙන්නේ. මේ ගෝලීය අරමුදල තමන්ගේ ක්‍රියාදාමය සෞඛ්‍ය අංශවලට පවරද්දි, මේ පැවරීම භාරගන්න සෞඛ්‍ය අංශ සූදානම්ද කියලා ජාතික ලිංගාශ්‍රිත සහ එච්අයිවී මර්දන ව්‍යාපෘතිය සහ යුඑන්ඒඩ් ආයතනය යම්කිසි ආකාරයක නීඩ් ඇසෙස්මන්ට් එකක් කරලා තියෙනවා. මේ නීඩ් ඇසෙස්මන්ට් එකෙන් යම්කිසි ආකාරයකට ඔප්පුවෙලා තියෙනවා. තවමත් රජය සහ සෞඛ්‍ය අංශ මේ ධාරීතාවය ඔවුන්ගේ වර්ධනය වෙලා නැහැ කියලා. නමුත් මධ්‍යම පාන්තික රටක් බවට පත්වීමත් සමග ලංකාවේ තිබෙන මේ ව්‍යාපෘති ඉවත්වීමත් සමඟ මේ පවරාගැනීම සූදානම්වෙන්නේ. කොහොම නමුත් අර කියූ ඇසෙස්මන්ට් එකේ සඳහන් වෙනවා. මේ ධාරීතාව නොමැති නිසා එච්අයිවී ව්‍යාප්තිය බොහෝ වෙලාවට වැඩිවේවී කියලා මේ ගැන උත්තර සේවීම හරහා තමයි අපට කියන් පුළුවන් වෙන්නේ එච්අයිවී ව්‍යාප්තිය නතරකරන්න. “

Related posts

කොරෝනාවට ගොඳුරුවීමට යන ලෝකයේ එකම සුප්‍රීම් උසාවිය?

colombotoday

අගමැති ආපසු හැරෙයි.. ජනපති යාපනේ නෑගම් යයි !

colombotoday

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක්

Admin

ලක්මව රනින් සැරසූ තරුෂිට ජනපතිගෙන් සුබ පැතුම්

Admin

රුසියා ජනපති පුටින්ගෙන් ශ්‍රී ලංකා ජනපතිට ඓතිහාසික තිළිණයක් ! (PHOTOS)

colombotoday

තවත් 17කට කොවිඩ් – 12 දෙනෙකු බ්‍රැන්ඩික්ස් සේවකයින්ගේ ආශ්‍රිතයන්

colombotoday