Colombo Today Local News

පරිසරය විනාශ කරනවා, ගස් කපනවා කියමින් කෑ ගසන අයට වැවක අවශ්‍යතාව තේරෙන්නේ නැහැ

වැවක් හදන්න ගිය විට ඇතැමුන් විවිධ තර්ක ඉදිරිපත් කළත් එහි අවශ්‍යතාවය තේරෙන්නේ වතුර නැති අයට යැයි වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

ජනතාවට ජලය දෙන්න නම් වැව් හදා ජලය එකතු කර ගත යුතු යැයි කී ඇමතිවරයා පරිසරය විනාශ කරනවා, ගස් කපනවා කියමින්අ කෑ ගසන අයට එම අවශ්‍යතාවය තේරෙන්නේ නැතැයි ද සඳහන් කරයි.

මෙවැනි කටයුතුවලදී පරිසරයට යම් හානියක් සිදුවන්නේ නම්, ඒ වෙනුවට ගස් වගා කළ යුතු බව ද ඇමතිවරයා කියයි.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ අනුරාධපුර, තන්තිරිමලයේදී ඉදිකිරීම් ඇරඹුණු මෙරට තෙවැනි විශාලතම ජලාශය වන මල්වතු ඔය ජලාශයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

වියළි කළාපයට අයත් අනුරාධපුර, වව්නියාව සහ මන්නරාම් දිස්ත්‍රික්ක ව ජනතාව දරුණු ලෙස පීඩාවට පත් වූ උග්‍ර පානීය සහ වාරී ජල අර්බුදයට විසදුම් ලබා දීම සඳහා යෝජනා වී තිබූ පහළ මල්වතු ඔය ජල ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතු මෙලෙස ආරම්භ කෙරිණි.

ඉදි කිරීමට යෝජිත ජලාශයේ ධාරිතාව අක්කර අඩි 169 000 ක් වන අතර, ප්‍රධාන බැම්මේ දිග කිලෝ මීටර 3.6 කි.

Related posts

කරුණා අම්මාන්ගේ දියණියක් මිය යයි.. අවසන් කටයුතු පන්සලේ සිදු කරයි !

colombotoday

සම්පායෝ යළි රිමාන්ඩ්

colombotoday

පොලිසියට අවශ්‍යව සිටි ෆාතිමා ලතිෆා අත්අඩංගුවට

colombotoday

විස්සේ විවාදය අද.. ඡන්ද විමසීම හෙට – සමගි ජන බලවේගයෙන් කමිටුවක්

colombotoday

කොළඹ ප්‍රධාන පාලම් දෙකක් දැඩි අවදානම් තත්වයක

Admin

සුදු කරපටි හොරු තමයි ලංකාව නැති කෙරුවේ. හිටපු මුදල් ඇමති අද හොයාගන්නත් නෑ හැංගිලා. – අනුර ප්‍රියදර්ශන යාපා කියයි

colombotoday