දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර, ගොඩගම පිටවීමේ ස්ථානයේ දැඩි වාහන තදබදයක් ඇතිව තිබෙන බව වාර්තාවනවා. මෝටර් රථ තදබදය හැසිරවීමේ ඇතිවී තිබෙන අවිධිමත් බව නිසා මේ අවස්ථාව වන විටත් කිලෝ මීටරයකට වැඩි රථවාහන පෝලිමක් එහි දක්නට ලැබෙන බව වාර්තා වනවා.
දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී පසුගිය රජය මහා පරිමාණ වංචා දූෂණ සිදුකළා යැයි චෝදනා එල්ල කළ යහපාලන ආණ්ඩුවට පාරවල් හදනව තියා පසුගිය ආණ්ඩුවෙන් හදපු පාරක ට්රැෆික් කන්ට්රෝල්වත් හරියට කරගැනීමට නොහැකි වී තිබෙන බව එම ස්ථානයේ අවහිරවී සිටින ජනතාව චෝදනා කරන බවයි අප වාර්තාකරු පැවසූයේ.