Colombo Today Local News

ඉන්දියාව එන්නත අපනයනය අත්හිටුව ද මෙරටට බලපෑමක් නැහැ.. – චන්න ජයසුමන

ඉන්දියාව ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා මර්දන එන්නත් අපනයනය තාවකාලිකව අත්හිටවූව ද ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙළවලට සෘජු බලපෑමක් නොවන බව ඖෂධ නිෂ්පාදන හා සැපයුම් නියාමක රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ, දේශීය අවශ්‍යතාව සඳහා ප්‍රමුඛතාව ලබාදීමේ අරමුණින් ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා මර්දන එන්නත් අපනයනය තාවකාලිකව අත්හිටුවන බවයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ ක‌ළේ, මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ ජනවාරි 29 දා ආරම්භ කළ බැවින් දෙවන මාත්‍රාව දිය යුතුව ඇත්තේ ඉන් සති 12 කට පසුව බවයි.

දිවයිනට ලැබුණු එන්නත්වලින් මේ දක්වා කාලය තුළ පළමු මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව අට ලක්ෂ 44000 ක් වේ.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඉතිරිව ඇති එන්නත් ලක්ෂ 4 ක පමණ ප්‍රමාණය මැයි 31 වෙනිදා දක්වා ලබාදිය හැකි බවයි.

කෙසේවෙතත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලක්ෂ 5 ක් ලබාදෙන බවට ඉන්දියාවේ සීරම් ආයතනය නිල නොවන මට්ටමින් ප්‍රකාශ කළ බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

Related posts

මහින්ද මා කියූ දේ ඇහුවේ නෑ.. පැරදුනේ ඒ නිසයි.. එජාපය සමග සම්මුතියකට ගියේ ශ්‍රීලනිපය රැකගන්නයි

colombotoday

ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක් නෙවෙයි – මංගල සමරවීර කියයි

colombotoday

නිරෝධායනයට අකැමැති වී කලහකාරී ලෙස හැසිරු‌ණොත් මාස 6ක සිරදඬුවම්

colombotoday

එජාපයේ පළුවක් ගලවගෙන රවී මහින්දගේ ආණ්ඩුවට ?

colombotoday

කොවිඩ් රෙගුලාසි ඇතුලත් නව ගැසට් නිවේදනයට ඇමතිනී පවිත්‍රා අත්සන් තබයි

colombotoday

ආරක්ෂාව තර කරන්නැයි ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස්

colombotoday