Colombo Today Local News

ශරීරයට අහිතකර වර්ණක අඩංගු සහල් අලෙවි කිරීමේ ජාවාරමක්

මිනිස් සිරුරට අහිතකර වර්ණක අඩංගු සහල් ඇතුළු ධාන්‍ය වර්ග අලෙවි කිරීමේ ජාවාරමක් ප්‍රදේශ කිහිපයක කළ වැටලීම්වලින් සොයා ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමත්ව තිබේ.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ, පොල් තෙල්වලට ද විවිධ රසායන ද්‍රව්‍ය මුසුකර අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බවය.

කළුතර, ගම්පහ, කොළඹ දිස්ත්‍රික්කවල මෙම ජාවාරම දැඩිව ක්‍රියාත්මක වන බව ද ඔහු පෙන්වා දෙයි.

උත්සව සමය වෙනුවෙන් ලබන 28 වැනි දා සිට දීපව්‍යාප්තව විශේෂ වැටලීම් කරන බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ ය.

Related posts

අත්තනගල්ලේ උණුසුම් තත්වයක්.. පහකට වෙඩි… ව්‍යාපාරිකයෙක් මරුට

colombotoday

ETCA එන්නත් කලින්, ඉන්දියානුවො අඩු කුළියට ලංකාවේ වැඩ !! (Photo)

colombotoday

කුකුලෙක් ළිදට වැටුනැයි උරණවී බෝතලයකින් ඇනලා

Admin

නව කතානායක ගලප්පත්ති?

Admin

පාස්කු ආධුනික ලියවිල්ලෙන් මතුවන්නේ බොදු බල සේනා සංවිධානය කෙරේ පෞද්ගලික වෛරයකින් කටයුතු කරන්නෙකුයි.

colombotoday

යාපනය – චෙන්නායි ගුවන් ගමන් යළි අද සිට

Admin