Colombo Today Local News

රටක් කාන්තාවට සලකන ආකාරය සැබෑ සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකයක්

ශ්‍රී ලාංකේය සමාජය තුළ ස්ත්‍රිය, දියණියක, සහෝදරියක, බිරිඳක, මවක සහ ගෘහණියක ලෙස ඇගේ භුමිකාව අතීතයේ සිට ගෞරව බුහුමන් යුතුව අගය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිතුමා පැවසුවේ යම් රටක් කාන්තාවට සලකන ආකාරය එරට සැබෑ සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකයක් වන බවයි.

ඒ අතින් ශ්‍රී ලංකාව සෙසු බොහෝ රටවලට ආදර්ශයක් සපයා ඇතැයිද ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමිනි.

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබේ.

මෙවර එහි තේමාව… රටකි – දැයකි – ලොවකි ඇය යන්නයි.

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 52% ක් කාන්තාවන් ය.

Related posts

තෙමහල් නිවසක භූගත බංකරයක්… හිමිකරු කොළඹ ව්‍යාපාරිකයෙක්…

colombotoday

විධායක බලතල අගමැතිට පැවරීමෙන් රටට වෙන දේ ගැන හිටපු ඇමති විජේදාස කියයි (Video)

colombotoday

ලංකාව ගොඩ දැම්මා කියා, අගමැතිට රනිල්ට ඕස්ට්‍රේලියාවෙන් ආචාර්ය උපාධියක් !

colombotoday

මාතර විරෝධතාකරුවන්ට පොලීසියෙන් කඳුළු ගෑස්… 8 දෙනෙක් අත්අඩංගුවට

colombotoday

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි කුරුණෑගල නගරාධිපතිගෙන් අධිකරණයට පෙත්සමක්

colombotoday

ශ්‍රීලනිප යේ කළුතර නායකයා එජාපයට එක්වෙයි

Admin