Colombo Today Local News

රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීම: කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිසක් අධිකරණයට කැදවයි

මෙරට පෞරාණික වටිනාකමක් සහිත බුවනෙකබාහු රජතුමන් භාවිත කළ කුරුණෑගල රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීමේ සිද්ධියට වගකිවයුතු කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ නමැත්තා වහාම අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත් ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ගොනු කළ රිට් පෙත්සමේ සම්බන්ධයෙන් මැයි 18 වැනිදා අධිකරණය හමුවේ පෙනී කරුණු දක්වන්නැයි නියෝග කරමින් අභියාචනාධිකරණය ඊයේ (04)දින පොලිස්පති , කුරුණෑගල පොලිස් ස්ථානාධිපතිවරයා, පුරවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, නගරාධිපති ඇතුළු වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලදී.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී මෙම රිට් පෙත්සම සම්බන්ධයෙන් එදින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි ද විනිසුරු මඩුල්ල නියම කළේය.

කුරුණෑගල රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීමේ සිද්ධියට වගකිවයුතු කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ නමැත්තා වහාම අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත් ඉදිරිපත් කරන්නැයි පොලිස්පතිට හා කුරුණෑගල පොලිස් ස්ථානාධිපතිට නියෝග කරන මැන්ඩාමුස් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් නාමල් කරුණාරත්න මහතා මෙම පෙත්සම් ගොනු කර තිබිණි.

Related posts

උතුම් නවම් පොහොය අදයි…

colombotoday

‘මේ තැනැත්තියව දන්නෙත් නෑ. අඳුරන්නෙත් නෑ.’- දයාසිරිගෙනුත් CIDයට පැමිණිල්ලක්

colombotoday

අඩු ආදායම්ලාභී පාසල් සිසුන්ට වියළි ආහාර

colombotoday

කඩවත දෙමහල් නිවසක ගින්නක් – යුවළක් මරුට

colombotoday

“පුරවැසි බලය“ වියරු වැටෙයි.. එජාපය වෙනුවෙන් මාධ්‍ය කැදවා ජනපතිට බැණ වදී

colombotoday

එක්නැලිගොඩගේ පුත්‍රයාට ලංකා පුත්‍ර බැංකුවෙන් ශිෂ්‍යත්වයක්!

colombotoday