Colombo Today Local News

වෙන්නප්පුවේදී හෙරොයින් සමග දෙදෙනෙක් අත්අඩංගුවේ

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් වෙන්නප්පුව ප්‍රදේශයේ දී හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (19)දින සවස එම වැටලීම සිදුකර ඇති අතර, එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 1ක් සහ ග්‍රෑම් 15 ක් ළඟ තබා ගෙන සිටි වයස අවුරුරු 36 ක හා 39ක පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට පත්ව ඇත.

සැකකරුවන් හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ අතර ඊයේ දිනය තුළ දිවයින පුරා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් පුද්ගලයින් 120ක් අත්අඩංගුවට පත්ව ඇත.

අඟුලාන ප්‍රදේශයේ දී ද හෙරොයින් ග්‍රෑම් 320ක් හා ග්‍රෑම් 20ක් ළඟ තබා ගත් පුද්ගලයින් දෙදෙනෙක් ද අත්අඩංගුවට පත්ව තිබේ.

මීට අමතරව දොම්පේ පොලිස් ස්ථානය මඟින් පැලහැර ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක දී හෙරොයින් ග්‍රෑම් 20ක්, අයිස් ග්‍රෑම් 10ක් හා ගංජා ග්‍රෑම් 100ක් ළඟ තබාගෙන සිටි 31 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කෙසෙල්වත්ත පොලීසිය මඟින් හෙරොයින් ග්‍රෑම් 20ක් සමග 51 හැවිරිදි පුද්ගලයෙක් හා ඔහු සතුව තිබී රුපියල් 211,000 මුදලක් ද සොයාගෙන තිබේ.

Related posts

පුද්ගලයෙකු ට පහරදී මරා දාල

colombotoday

දුරකථන, අන්තර්ජාල සහ රූපවාහිනී සේවා ගාස්තු 3%කින් ඉහළට

Admin

පක්ෂයට ද්‍රෝහිවූවා කියා ප්‍රසන්න, බන්ධුල, දිලුම් ශ්‍රීලනිපයෙන් නෙරපන්න සූදානම්!

colombotoday

“ගමේ ශ්‍රීලනිප පාක්‍ෂිකයා තවමත් මහින්දත් එක්‌කයි.. අපි ළගදිම එකතු වෙනවා” – ඉසුර දේවප්‍රිය

colombotoday

පොලිසියට තග දා සූදූ කෙළි කැරලි මර්දනයේ පී.සී අත්අඩංගුවට

Admin

යුද්ධය ගැන චන්ද්‍රිකාගේ පහත් කතාවලට ගෝඨාභයගෙන් උසස් පිළිතුරක්

colombotoday