Colombo Today Local News

යහපාලනය නාවික හමුදා බිල්ල, ඩී.කේ.පී දසනායකට සේවා දිගුවක් නොදී ගෙදර යවයි.

වසර 33 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක මහතා ඊයේ දින (2021 පෙබරවාරි 16) සිට නාවික හමුදා සේවයෙන් විශ්‍රාමගන්වා ඇත.

ඒ මහතා සේවා දිගුවක් ඉල්ලා තිබියදී මෙලෙස විශ්‍රාම ගන්වා ඇති බවට අනිද්දා පුවත්පත වාර්තා කර ඇත. එම පුවත්පතට අනුව ඊට පදනම වී ඇත්තේ සේවා දිගුවක් ලබා දීමෙන් ජිනීවා සැසිවාරයට අහිතකර ලෙස බලපාන බවට පුර්ව නිගමනයකට පැමිණීමයි.

යහපාලන කාලයේදී හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ සහ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යුධ අපරාධ කල බවට පවසන ලෙස එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ඇතුළු පිරිස බල කළ බවට පසුගිය කාලයේදී වාර්තා පළවූ අතර එය නොකිරීම නිසා ඩී.කේ.පී දසනායක මහතා ඇතුළු නාවික හමුදා බුද්ධි අංශ රණවිරුවන් කණ්ඩායමකට ඉතා දීර්ග කාලයක් සිරගත වී සිටීමට ද සිදුවිය.

කෙසේ වෙතත් ඩී.කේ.පී දසනායක මහතාගේ සේවා විශිෂ්ඨතාවය මත හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සේවා දිගු 4ක් ලබා දීමට කටයුතු කළේය.

රට වෙනුවෙන් අසීමිත කැපවීමක් කර යහපාලනයෙ පලිගැනීමට ලක්වූ විරුවන්ට රම්පෙ කරපිංචා බවට පත්වීමට සිදුවීම කෙතරම් සාධාරණද යන ප්‍රශ්නය දැන් මතුව ඇත. ඒ පිළිබඳව බොහෝ නාවික හමුදා නිලධාරීන් ද දැඩි කලකිරීමකට පත්ව ඇත.

ඊයේ දින සිට විශ්‍රාම ගැන්වූ රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක ජ්‍යේෂ්ඨ නිලධාරියාගේ 55 වන උපන් දිනයද ඊයේ දිනට යෙදී තිබූ අතර, ඒ වෙනුවෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ඇතුළු නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් විසින්, රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක වෙත උපන් දින සුභපැතුම් පිරිනමන ලදි. අනතුරුව විශේෂ සම්මාන මුරයක් මගින් උත්තමාචාරය පුද කර සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු, නාවික හමුදා මූලස්ථානයෙන් පිටත්ව යන ලදි.

1987 වර්ෂයේදී නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක, 2006 ජනවාරි මස සිට 2009 අගෝස්තු මස දක්වා වසර 04 කට ආසන්න කාලයක් නාවික හමුදා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි ලෙසත්, සිය සේවා කාලය තුල නාවික පර්යේෂණ ඒකකයේ අධ්‍යක්‍ෂ, සයිබර් ආරක්‍ෂණ ඒකකයේ අධ්‍යක්‍ෂ, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ අධ්‍යක්‍ෂක, අධ්‍යක්‍ෂ නාවික ආහාර හා නිළ ඇඳුම්, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ නිලධාරී, අධ්‍යක්‍ෂ සැපයුම් කළමනාකරණ පද්ධතිය සහ වයඹ නාවික විධානයේ ආඥාපති ආදී ප්‍රමුඛ නිලතල දරමින් කටයුතු කල කීර්තිමත් නිලධාරියෙකි.

Related posts

නීතීඥ සහාය නොමැතිව විමල් විරවංශ අධිකරණයේ කරුණු දක්වයි

colombotoday

බලහත්කාරයෙන් නිවසට කඩාවැදුණු පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී අනුර බණ්ඩාර අත්අඩංගුවට

colombotoday

ඇමැති ප්‍රසන්නගේ නිවසට පහරදුන් සිද්ධියට මහාචාර්ය හිමියෝ බාර වෙති

colombotoday

සජිත් සුළඟට හසු වූ අයට යන-එන මං නෑ ! දුරකතන ඇමතුම්වලටත් පිළිතුරු නෑ !!

colombotoday

බැස්ටියන් මාවතේ වෙඩි තැබීම පිළිබඳ විමර්ශන CCDයට භාරදෙයි

colombotoday

ඇමති මුස්තාපා සුනඛ ඝාතක පනතක් ගෙනෙයි.. බුදු පහස ලත් බිමේ ඝාතන සංස්කෘතිය නීතිගත කරන්න යයි !!

colombotoday