Colombo Today Local News

අමාත්‍ය විෂය පථයන් කිහිපයක් සංශෝධනය කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මෙන්න..

රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ මෙන්ම ඉඩම් අමාත්‍යාංශයේ විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.
එහි දැක්වෙන්නේ අද(16) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම විෂය පථයන් සංශෝධනය කර ඇති බවයි.

ඒ අනුව රාජ්‍ය ආරක්ෂක , හා ආපදා කළමනාකරණ, අමාත්‍යාංශයට අයත් ආයතන සංඛ්‍යාව 18කි.

ඊට ආගමන විගමන දෙපාර්තමේන්තුව, රෙජ්ස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හා අන්තරායකාරී ඖෂධ පාලක ජාතික මණ්ඩලය අයත් වේ.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යටතට සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගැසට් කර ති‌බේ.

ඉඩම් අමාත්‍යාංශය යටතේ ගැසට් කර ඇති ආයතන සංඛ්‍යාව 7 කි.

ඒ අනුව, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, මැනුම් හා සිතියම්ගත කිරීමේ ආයතනය, ඉඩම් මැනුම් සභාව, ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව හා ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව ඒ යටතේ ඉඩම් අමාත්‍යාංශය යටතට පවරා තිබේ.

🔺 අමාත්‍ය විෂය පථයන් කිහිපයක් සංශෝධනය කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මෙන්න..

සම්පූර්ණ ගැස⁣ට් නිවේදනය කියවන්න..

Related posts

රාජ්‍ය සේවා කොමිසමට දිලිත් ජයවීර පත්කර ඇති බව ඔහුගේ පුවත්පත වාර්තා කර සිටියි.

colombotoday

“වල්බූරු සංහිදියාව” විශ්වවිද්‍යාලයටත් රිංගයි.. එක් අයෙකුට ආගම අදහන්න දෙසීයකට විභාගය ප්‍රමාද කරවලා !

colombotoday

දේශපාලන වාසි ලබා ගැනීමේ පහත් වැඩපිළිවෙලක නිරත වන විපක්ෂය රටවිරුවන් නොසලකා හරින බව කියයි- නිමල් ලාන්සා

colombotoday

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නව නීතියක් ගේන්න කැබිනට් අනුමැතිය

colombotoday

නාමයෝජනා දී, ජනතාව අතරට ගිය ගෝඨාභය

colombotoday

රතන හිමි ආණ්ඩුපක්ෂයේ කලකිරීමෙන් සිටින මන්ත්‍රීවරු එකතුකරයි. | තැන තැන රහස් සාකච්ඡා පවත්වති.

colombotoday