Colombo Today Local News

දේවානි ආරක්ෂා කරන්න මම සෑම විටම ඉදිරිපත් වෙනවා.. – පරිසර ඇමැති කියයි

රාජ්‍ය සේවකයා තමන්ට පැවරුණ රාජකාරි වපසරියෙන් එහා ගොස් සමාජ වගකීමක් හා යුතුකමක් ලෙස කටයුතු කළ යුතු බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

රාජකාරියට එහා ගිය සමාජ වගකීම ඉටු කළ දේවානි ජයතිලක මහත්මියට කිසිදු ගැටළුවක් ඇති වීමට ඉඩ නොතියන බවත්, ඇයව ආරක්ෂා කිරීමට තමන් පෙනී සිටින බවත්,අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ තිස්සමහාරාම විහාරමහා දේවි පුර ශ්‍රී සම්බුද්ධත්ව විහාරයේ භීක්ෂුන්වහන්සේලාට අවශ්‍ය පානීය ජලය ලබා ගැනීම සඳහා ඉදි කළ ප්‍රතිලෝම ඔස්මෝසිස් ජල පවිත්‍රකරණ පද්ධතිය ( RO Plant- Reverse Osmosis water purification Machine) විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් පළකල අමාත්‍යවරයා…

“දේවානි ජයතිලක මහත්මිය කියන්නේ තම රාජකාරියට එහා ගිය සමාජ වගකීම ඉටු කළ නිලධාරිනියක්. ඇය මැදිහත් නොවන්නට දාරළුව පඩු කරඳ ශාඛය කපා දමන්නට ඉඩ තිබුනා. නමුත් ඇය කළ මැදිහත් වීම නිසා මුළු ලෝකයෙන්ම වඳ වී ගිය එම ශාඛය බේරාගන්නට හැකි වුනා. රටට අවශ්‍ය වන්නේ තමන්ට පැවරී ඇති වගකීම කැපවීමෙන් ඉටු කරන නිලධාරින්. රජයක් වශයෙන් අප කළ යුත්තේ එවැනි නිලධාරින් ධෛර්යමත් කිරීම මිස ඔවුන් අකර්මණ්‍ය කිරීම නොවේ. අද රාජකාරිය දේවකාරිය සේ සළකා කටයුතු කරන රාජ්‍ය සේවකයින් හිඟයි. එවැනි තත්ත්වයක් තුළ දේවානී ජයතිලක කියන්නේ රැක ගත යුතු නිලධාරිනියක්.

දේවානි ජයතිලකට කිසිදු ගැටළුවක් ඇති වන්නට අපි ඉඩ තියන්නේ නැහැ. පරිසර අමාත්‍යවරයා වශයෙන් ඇයව ආරක්ෂා කිරීමට තමන් පෙනී සිටින බවත්, පරිසරය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන සෑම කෙනෙක්ම වෙනුවෙන් තමන් පෙනී සිටින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

වන සංරක්ෂණ නිලධාරිනියක් වශයෙන් දේවානි ජයතිලක මහත්මිය තමන්ගේ රාජකාරිය ඉතාමත් හොඳින් ඉටු කළ බව මම පිළිගන්නවා. ඔක්සිජන් කන්නදැයි සමහර දේශපාලනඥයින් අසන විට ඇය නිර්භයව ඒ ගැන අදහස් පළ කළා. කඩොලාන පරිසරය ආරක්ෂා කර ගැනීමට ඇය නිර්භීතව ඉදිරිපත් වුනා වගේම දාරළුව පඬුකරඳ ශාඛය ආරක්ෂා කර ගැනීමටත් ඇය ඉදිරිපත් වුනා. රටේ ජනතාව විසින් එවැනි නිලධාරින් ආරක්ෂා කර ගත යුතුයි.

ඒ නිසා පරිසර අමාත්‍යවරයා විදියට මම එම නිලධාරිනියව ආරක්ෂා කිරීමට සෑම විටම ඉදිරිපත් වෙනවා “

Related posts

“ඔයා කරගෙන යන්න, මගේ උපරිම සහය” ජයලලිතාගෙන් විග්නේෂ්වරන්ට ලිපියක්.. ළගදීම හමුවෙන්නත් යයි

colombotoday

ඇමති ඩග්ලස් දේවාන්නදා ගේ ඉල්ලීමෙන් ඉරණතිව් දුපතේ කොරෝනා සිරුරු භූමදානය නවතී

colombotoday

වැලිමඩ, බෝගහකුඹුර ජුම්මා පල්ලියේ භූගත කාමරයකින් කඩු, කිණිසි, පොරෝ ඇතුළු අවි ආයුධ තොගයක් එළියට…

colombotoday

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පත් කෙරේ

colombotoday

ආනයන භාණ්ඩ 367 කට පැනවූ තහනම දීර්ඝ කෙරේ…

colombotoday

ජාතික ආණ්ඩු එළ හරකයි මී හරකයි එකට යන්න බෑ කියයි – Photos

colombotoday