Colombo Today Local News

ඉදිකරමින් පවතින මහල් ගොඩනැඟිල්ලකින් වැටී පුද්ගලයෙක් මරුට

වැල්ලවත්ත අංක 17 හැම්ඩීන් පටුමග ප්‍රදේශයේ ඉදිකරමින් පවතින මහල් ගොඩනැඟිල්ලකින් ඊයේ (13)දින රාත්‍රී 7.40ට පමණ පුද්ගලයෙකු වැටී තිබේ.

අදාළ පුද්ගලයා එම ගොඩනැඟිල්ලේ සේවය කරන අයෙකු නොවන බවට ද තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

ඔහුව කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවද පොලීසිය පැවසීය.

මියගොස් ඇත්තේ 30 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

කොළඹ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ වැල්ලවත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

තවත් යුද හමුදා බුද්ධි නිලධාරීන් 38ක් CIDයට

colombotoday

පෙට්‍රල් හිගය තවත් උග්‍ර වෙයි.. අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නැයි ඇමති කියයි

colombotoday

2022 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

Admin

“බලවතුන්ගේ දුරකතන ඇමතුම්වලට යටවී ලොකු කුඩුකාරයන් නිදහස් කරන්නැ..”

Admin

ජනපති සංචාරයකට දිවයිනෙන් පිටව යයි

Admin

විමල්ට ඇමතිකමක් ගන්නැයි බලපෑම්…

colombotoday