World

මියන්මාර හමුදා ජුන්ටාව විරෝධතා මධ්‍යයේ ඇඳිරි නීතිය පනවයි. | හමුදා ප්‍රධානියා ජාතියත් අමතයි.

මියන්මාර හමුදාව එරට පාලන බලය අත්පත් කර ගැනීමට එරෙහිව දින ගණනක් තිස්සේ පැවති විරෝධතා හේතුවෙන් රටේ වඩාත්ම ජනාකීර්ණ නගර දෙකෙහි ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබේ.

හමුදා ජුන්ටාව විසින් අවුන් සාන් සූ කී සහ තේරී පත් වූ සිවිල් රජයේ අනෙකුත් නායකයින් රඳවාගෙන සතියකට පසුව සඳුදා අඛණ්ඩව තෙවැනි දිනටත් විරෝධතා පෙලපාලි පැවැත්විණි.

“මියන්මාරය සුරකින්න” සහ “අපට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි” යනුවෙන් කියැවෙන සටන් පාඨ මෙන්ම සූකී ගේ ඡායාරූප ද අතින්ගත් ජනයා අගනුවර වන නැපිටෝ සහ ප්‍රධාන වාණිජ නගරය වන යැන්ගුන් ඇතුළු ප්‍රධාන නගරවල වීදිවල විරෝධතාවයේ යෙදෙන ලදි.

නැපිටෝ හි විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර භාවිතා කළේය.

හමුදා කුමන්ත්‍රණයට නායකත්වය දුන් ජෙනරාල් මින් අවුන්ග් හේලිං සඳුදා සවස ජාතිය ඇමතුවද නොසන්සුන්තා ගැන කිසිදු සඳහනක් නොකළේය.

සු කීගේ පාලක පක්ෂය නැවත බලයට පත් කළ නොවැම්බරයේ පැවති මැතිවරණය වංචනික යැයි ජෙනරාල්වරයා නැවත වරක් කියා සිටියේය. “සැබෑ හා විනයගරුක ප්‍රජාතන්ත්‍රවාදයක්” ගෙන ඒම සඳහා නව මැතිවරණයක් පැවැත්වීමට ඔහු පොරොන්දු විය.

නමුත් නව මැතිවරණ පැවැත්වෙන්නේ කවදාදැයි ඔහු සඳහන් කළේ නැත.

මේ අතර සඳුදා රාත්‍රී 8 සිට අළුයම 4 දක්වා යැන්ගුන් සහ මැන්ඩලේ නගරවලට ඇඳිරි නීතිය ද පනවනු ලැබිණි.

Related posts

කොවිඩ් රෝහලක ප්‍රබල ගින්නක්

colombotoday

හවායි නොගිය ජෝ බයිඩන්ට චෝදනා

Admin

ඇමරිකාවේ සාදයකට වෙඩි වරුසාවක් – 14ක් මරුට – ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැකයක්

colombotoday

නවසීලන්තයෙන් ඩොලර් 500,000ක ප්‍රදානයක්

colombotoday

ඉන්දියාවේ නව කොරෝනා ප්‍රභේද 240ක් හදුනා ගනී

colombotoday

අමෙරිකාවෙන් තලෙබාන් සංවිධානයට අනතුරු අඟවීමක්

colombotoday