Colombo Today Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් සංචාරය අත්හිටුවයි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අත්හිටුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්ම් සිල්වා මහතා විසින් ඒ බව තහවුරු කළේය.

ඒ අනුව කොදෙව් සංචාරය දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට සහ ක්‍රීඩක ලහිරු තිරිමාන්නට කොවිඩ් ආසාදනය වීමත් සමඟ ශ්‍රී ලංකා මූලික සංචිතය ස්වයං නිරෝධායනයට යොමුකෙරුණි.

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් 35 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මූලික සංචිතයේ ක්‍රීඩකයන් පසුගිය දිනවලදී කණ්ඩායම් තුනක් වශයෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පුහුණුවීම් කරන අතර එහිදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තාව අනුව ඔවුන් දෙදෙනාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

මේ අතර පසුගියදා පැවති සධීර සමරවික්‍රමගේ විවාහ උත්සවය සඳහාද ලහිරු තිරිමාන්න ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගී වී සිටි අතර ඒ හේතුවෙන් එම විවාහ උත්සවයට සහභාගී වූ සියලුම දෙනා මේ වන විට ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

Related posts

අවිශ්කගේ සුපිරි පිතිහරඹයෙන් ජැෆ්නා ස්ටැලියොන්ස් ජය හිමිකර ගනී

colombotoday

සනත් ජයසූරියට වසර දෙකක තහනමක්

colombotoday

සුද්දන් වැනසූ අසේල, සුද්දන්ගේ මීඩියාවලට සිංහලෙන් දුන්න වොයි කට් එක මෙන්න (VIDEO)

colombotoday

ලංකා තරඟ සංචාරය අභියස තවත් බංග්ලාදේශ ක්‍රීඩකයෙකුට කොරෝනා

colombotoday

නවසීලන්තයේ හොඳම ටෙස්ට් කඩුලු රකින්නා ක්‍රිකට් පිටියෙන් සමුගනී

colombotoday

දිල්රුවන් මුරලිට සමවෙයි.. පළමු පෙළ කඩුළු 800 යි

colombotoday