World

කොවිඩ් රෝහලක ප්‍රබල ගින්නක්

රුමේනියාවේ රෝහලක ඇති වූ ප්‍රබල ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

එසේ මියගිය සිව්දෙනාම එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් රෝගීන් බව වාර්තා වේ.

ගින්න හටගෙන ඇත්තේ රුමේනියාවේ බුකාරස්ට් අගනුවර පිහිටි කොවිඩ් රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර ලබාදෙන රෝහලක් තුළදීය.

එරට වේලාවෙන් පස්වරුවේ දී හටගත් ගින්න රෝහලේ එක් මහලක් පුරා පැතිර ගොස් තිබුණි.

එහි වැඩිම හානිය සිදුව තිබුණේ රෝගීන් රැඳී සිටි කාමර 4කටය.

ගින්න පැතිරයාමත් සමග ක්‍රියාත්මක වූ හදිසි අංශ අදාළ මහල ජනශූන්‍ය කිරීමට පියවර ගෙන තිබේ. එහිදී ඉවත්කළ පිරිස සියයකට අධිකය.

ඔවුන්ගෙන් 44දෙනෙකු ඔක්සිජන් ප්‍රතිකාර ලබමින් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවීම සලකා ඔවුන් බුකාරස්ට් හි වෙනත් රෝහල් වෙත යොමුකිරීමට බලධාරීන් පියවර ගත්තේය.

අනෙක් රෝගීන්ද වෙනත් ස්ථාන කිහිපයක රඳවා තිබුණි.

මාස තුනක කාලයකදී යුරෝපා සංගමයට අයත් රටවල පිහිටි රෝහල්වල හටගත් දෙවැනි මාරාන්තික ගින්න මෙය බව සඳහන් ය.

කලාපයට සාපේක්ෂව තරමක් පහළ මට්ටමේ ආර්ථික තත්ත්වයක් පවතින රුමේනියාව, කොවිඩ් වසංගතය හමුවේ දැඩි සෞඛ්‍ය අර්බුදයකට මුහුණදී සිටී.

එවන් පසුබිමක එරට ප්‍රධාන රෝහලක ඇතිවූ ගින්න රට තවත් අර්බුද කරා යොමාකරන බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.

රුමේනියාවේ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 724,250ක් වාර්තා වන අතර, මියගිය ගණන 18,196කි.

Related posts

බැතිමතුන් සිටි දේවස්ථානයක වහලයක් කඩා වැටෙයි

Admin

තවත් බොලිවුඩ් තරුවකට කොරෝනා

colombotoday

කොවිඩ් එන්නත ගන්න අයට ඩොලර් 100 ක්

colombotoday

ඉන්දුනීසියාවේ ගුවන් යානයක් මගීන් සමගඅතුරුදන්

colombotoday

පුටින් ගෙන් කිම් ජොන් අන් ට ත්‍යාගයක්

Admin

දිස්ත්‍රික්ක රැසකට දැනුනු නේපාලයේ භූ කම්පන දෙකක්

Admin