Colombo Today Local News

බූස්ස සතොස ගබඩාවට ඇමති බන්දුල කඩා පනී..|කළමනාකරුගේ වැඩතහනම්.

බූස්ස සමූපාකාර තොග සංස්ථාවේ කළමණාකරුගේ වැඩතහනම් කරන ලෙස වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නියමකර තිබේ.

අමාත්‍යවරයා ඊයේ (17)දින පස්වරුවේ බූස්ස සතොස ගබඩා සංකීර්ණයේ නීරික්ෂණ චාරිකාවකට එක් ව ඇත.

එහිදී වෙළෙඳපොළේ පවතින මිලට වඩා රුපියල් 30ක් පමණ අඩුවෙන් සතොස අලෙවිසැල් සඳහා අලෙවියට නියම කර ඇති දේශිය තේ පැකට් තොගයක් අලෙවි සැල් සඳහා බෙදා නොහැර රෙදි සෝදන සබන් අතර සඟවා තිබියදී සොයාගත් බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේය.

එමඟින් පාරිභෝගිකයන්ට ලබාදුන් සහන ලබා නොදී කඩාකප්පල් ක්‍රියාවක් සිදුකර ඇති බව අමාත්‍යවරයා පවසයි.

ඒ හේතුවෙන් බූස්ස සතොස ගබඩාවේ කළමනාකරුගේ වැඩතහනම් කර මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට නියෝග කර තිබේ.

එමෙන්ම එහිදී වරදකරුවන් වන සියලු දෙනාට තරතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබාදුන් බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර, පෙබරවාරි මස 01 වනදා සිට අත්‍යාවශ්‍ය භාණ්ඩ 10කට අධික සංඛ්‍යාවකට ස්ථාවර මිලක් පැනවීමට කටයුතු කරන බව ද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කරයි.

එය මාස 06ක් සඳහා වංලගු වන බව අමාත්‍යවරයා පැවසීය.

බදු පැනවීමක් හෝ විදේශ විනිමයේ වෙනස් සිදුනොවුනහොත් එම මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ද බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

පුදුකුඩියිරුප්පු හි රිය අනතුරකින් තරුණයෙක් මරුට

colombotoday

හිටපු ජනපතිගේ බාල සොයුරිය අභාවප්‍රාප්ත වේ..

colombotoday

මුලතිව්, කෝපාපිලව් ප්‍රදේශයෙන් හමුදාව ඉවත් වේ

colombotoday

රජයේ මිනින්දෝරු නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

Admin

වෙසක් දින අගමැති කාර්යාලය තුලදී අනුරාධපුර යුගයට අයත් බුදු පිළිම වහන්සේ නමකට හානි

colombotoday

අද සිට Online ක්‍රමයට පාස්පෝට් එක ගෙදරම ගෙන්න ගන්න හැටි මෙන්න

Admin