පොලිස්පතිවරයාගේ ඥාතීන් හා හිතවතුන් බව පවසා පොලිස් ස්ථානවල සිදු කෙරෙන විමර්ශනවලට බලපෑම් කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරා සියලු පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇති බවය.