Business

ඩොලරය 196 දක්වා ඉහලට

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (15) නැවත වරක් 196 ඉක්මවා පහළ ගියේ ය.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය අද (15) රුපියල් 196.05 දක්වා පහළ ගිය අතර ගැනුම් අගය රැපියල් 190.77ක් ලෙස දැක්විණි.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මුල් වරට 196 ඉක්මවා පහළ ගියේ පසුගිය වසරේ අප්‍රේල් මස 8 වැනිදා ය.

ඊට පසු ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රැපියලේ අගය 196 සීමාව ඉක්මවා ගියේ ඉකුත් අප්‍රේල් මස 20 වැනිදා යග එදින ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 196.65ක් ලෙස දැක්විණි.

ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කළ නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉකුත් අප්‍රේල් මස (8) වැනිදා මෙරට ඉතිහාසයේ පළමු වරට 200 සීමාව ඉක්මවා ගිය අතර එදින ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 200.46ක් ලෙස දැක්විණි.

මේ මස මුල් සතියේදී රුපියල යම් ස්ථාවර බවක් පෙන්නුම් කළ ද මේ වනවිට රුපියලේ අගය නැවතත් පහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇත.

මේ අතර ජනවාරි 1 වැනිදා සිට 8 වැනිදා දක්වා කාලයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 0.5% කින් ඉහළ ගොස් ඇත.

Related posts

Yahoo සිය නාමය වෙනස් කිරීමට සැරසෙයි

colombotoday

මොහොමඩ් චෞකෙයාර්ගේ චොකලට් කර්මාන්තායතනයක් ශ්‍රී ලංකාවට?

colombotoday

මුස්ලිම් ව්‍යාපාරිකයාට වාසිවන අයුරින් පොල්තෙල් ආනයනයට පැය 6කට බදු සහනයක් දුන්නාද ?

colombotoday

කොටස් වෙළෙඳපොළෙන් වාර්තාවක්

colombotoday

Amazon and Alphabet report sales surge this quarter

colombotoday

කොටස් වෙළෙඳපොලේ ගනුදෙනු නවතයි

colombotoday