Colombo Today Local News

රන්ජන්ට වසර 7ක් ඡන්ද අයිතියත් අහිමිවෙයි. | පුරප්පාඩුවට අජිත් මාන්නප්පෙරුම පාර්ලිමේන්තුවට

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරුවකු ලෙස බරපතළ වැඩසහිතව සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මහතාට මන්ත්‍රී ධූරය අහෝසි වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා සඳහන් කරනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා,

“සාමාන්‍ය අධිකරණයෙන් දඬුවමක් දුන් පසු එයට අභියාචනා කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ නඩුවේදී එසේ කිරීමට හැකියාවක් නැහැ. මොකද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තමයි සලකා බැලීමක් සිදුකරනු ලැබුවේ, අධිකරණයට අපහසවීමක් සිදුවූණාද කියන එක සම්බන්ධයෙන්. ඒ අනුව රන්ජන් රාමනායකට මන්ත්‍රී ධුරය අහෝසි වෙනවා. ඔහුට මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට ඒමට, ඒ සම්බන්ධයෙන් කටයුතු කිසිදෙයක් කරන්නට හැකියාවක් නැහැ. ඒ අනුව ඔහු අවුරුදු 4කින් පසුව හෝ ඊට පෙර ජනාධිපතිවරයා යම්කිසි සමාවක් දුන්නහොත් පමණක් ඒ පිළිබඳ කටයුතු කරන්න පුළුවන් වෙන්නේ.“

මේ අනුව රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධුරය අහිමිවියහැකි අතර සිර දඬුවම අවසන් වන දින සිට තවත් වසර 7ක් දක්වා ඔහුගේ ඡන්ද අයිතියද අහිමිවනු ඇත.

එබැවින් අහිමිවන පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුමට හිමිවීමට අවකාශයක් තිබේ.

Related posts

කාන්තාවන් ගෘහ සේවයට යනවාට මා විරුද්ධයි – ජනපති

colombotoday

යෝජනා සම්මත කළත් රනිල් අගමැති කරන්න බෑ

colombotoday

රට වටෙන් තුවක්කු – බෝම්බ හමුවේ : පොලිස් මෙහෙයුම් දැඩි වේ

colombotoday

දෙමටගොඩ චමින්දගේ රියදුරු කොණ්ඩ රිස්වාන් අත්අඩංගුවට

colombotoday

ප්‍රකාශයක් ලබා දෙන්න ශානි CIDයට එයි

colombotoday

“මිරිහානේදී අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ මානව හිමිකම් කඩවී ඇත්දැයි සමීපව නිරීක්ෂණය කරනවා”

colombotoday