Colombo Today Local News

මුල්ලිවයික්කාල් ස්මාරකය කඩා බිඳ දැමීම යනු දෙමළ ජනතාවගේ හැඟීම් එක රැයකින් සුනුවිසුණු කර විනාශ කර දැමීමට සමානයි..

යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඉදිකර තිබුණු මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය කඩා බිඳ දැමීම යනු දෙමළ ජනතාවගේ හැඟීම් එක රැයකින් සුනුවිසුණු කර විනාශ කර දැමීමට සමාන යැයි තමිල් මක්කල් තේසිය කුට්ටනි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී වි විග්නේෂ්වරන් මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර තිබුණේ යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඉදිකර තිබුණු මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය කඩාබිඳ දැමීම පිළිබදව මාධ්‍ය වෙත නිකුත් කර තිබුණු නිවේදනයේය.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් විණි.

ආණ්ඩුව විසින් කඩා බිඳ දැමු ස්මාරකය ඉදි කරනු ලැබුවේ මුල්ලිවයික්කාල් අවසන් මෙහෙයුම් වලදි මිය ගිය යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සේවකයින් නිළධාරීන් හා ඔවුන්ගේ ඥාතීන් සිහිපත් කිරිම සඳහාය. කෙසේ වෙතත් මෙම ස්මාරකය විනාශ කළ යුතු බවට ආණ්ඩුවේ ඉහළින් එල්ල වු බලපෑම මත විශ්ව විද්‍යාලයේ පාරිපාලනය විසින් මෙම ස්මාරකය හමුදා ආරක්ෂාව මධ්‍යයේ කඩා බිඳ දමා තිබේ.

පසුගිය කාල වලදි දෙමළ ජනතාවට සිදුවු අසාධාරණයන්, අයුක්තීන්, හා සිදුවු බව කියන ජන සංහාර පිළිබඳ සැමරුම් ස්මාරක සම්පුර්ණයෙන්ම විනාශ කර දැමීය යුතුය යන්න වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛ කාර්යයක් බවට පත්ව තිබේ. එහි එක් කාර්යයක් ලෙස මෙම ස්මාරකය විනාශ කර ඇත. ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන භායානක සැලසුම් වලින් එකක් මෙය විය හැකිය. මෙවැනි භායනක සැලසුම් තවත් වත්මන් ආණ්ඩුවට තිබෙන්නට පුළුවන.

යාපනය විශ්ව විද්‍යාල සිසුන් යුද්ධයෙන් මිය ගිය තම සහෝදර සහෝදරියන්, ඥාතීන් සිහිපත් කිරිමට ඉදි කර තිබුණු ස්මාරකයක් ආණ්ඩුව විසින් එකම රැයකින් කඩාබිඳ දැමීම යනු දෙමළ ජනතාවගේ හැගීම් සම්පුර්ණයෙන්ම සුනුවිසිණු කර දැමීමකි. මෙවැනි ක්‍රියාමගින් කිසිවිටෙකත් රටේ සංහිදියාව ඇති කළ නොහැකිය. එමෙන්ම මෙය හමුදා මර්දනයේ එක් මුහුණවරක් ලෙසද පෙන්වා දිය හැකිය. තවද මෙම තත්ත්වය අප ජනතාවගේ භිතියේ කුටප්‍රාප්තියක් ලෙසද පෙන්වා දෙන්නෙමු.

යාපනය විශ්ව විද්‍යාලයේ එම ස්මාරකය කඩාබිඳ දැමීමෙන් පසුව විශ්ව විද්‍යාල සිසුන් හා අවට ජනතාව බියපත් වන ආකාරයෙන් එම පරිශ්‍රය ආශ්‍රීතව හා අවට දැඩි ආරක්ෂක අංශ යොදවා තිබීම මගින් හමුදාවේ තවත් භායානක මුහුණවරක් පෙන්වා ඇත. මෙයාකාරයෙන් විශ්ව විද්‍යාල අවට හමුදාව රැඳවිමේ කිසිඳු අවශ්‍යතාවයක් නොමැත. එම ස්ථායෙන් හමුදාව ඉවත් විය යුතුය.

Related posts

මිල ප්‍රදර්ශනය කරන ත්‍රිරෝද රථවලට වෙනම ඉන්ධන කෝටාවක්

colombotoday

2020 රටේ නායකත්වයට වැඩි කැමැත්ත ගෝඨාභයටයි.. කොළඹ විශ්වවිද්‍යාලයේ නවතම සමීකෂණය හෙළිකරයි

colombotoday

වෙඩි නොවදින වාහන ගෙන්වන්නේ නෑ – සජිත්ගෙන් තවත් ජනපති පොරොන්දුවක්

colombotoday

ගුරුවරු කියන්නේ අදටත් පාරෙ දැක්කත් දෙපා නැමද නමස්කාරය කරන පිරිසක් – ඇමති සරත් වීරසේකර

colombotoday

රු‍. 6000සේ විස්කි බෝතලේ රු. 1500ට රේගුවේ

colombotoday

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගය පාවාදීමේ චෝදනාව ජාත්‍යන්තර මාධ්‍ය අවුලයි.. ඉන්දියාව කැලඹෙයි

colombotoday