Colombo Today Local News

පානම වනජීවි කාර්යාලයට පහරදීමක්

පානම වනජීවි කාර්යාලයට අලාභහානී සිදුකළ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දින කිහිපයට පෙර දිවියෙකු විසින් පුද්ගලයෙකු මරණයට පත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකෝපයට පත්පිරිසක් විසින් ඊයේ (01)දින රාත්‍රි පානම වනජීවි කාර්යාලයට අලාභහානි සිදුකර ඇති බවපොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පානම පොලීසිය සිද්ධියට සම්බන්ධ එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදි යතුරුපැදි 2ක්, ත්‍රීරෝද රථයක් සහ පාපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇති බව අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

සැකකරුවන් පොතුවිල් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පානම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.‍

Related posts

නාඳුනන කාන්තා මළසිරුරක් හමුවෙයි

Admin

විෂ පොල්තෙල් මෙරටට ආනයනය කළ පුද්ගලයින් අත්අඩංගුවට ?

colombotoday

අපට බෞද්ධ ඡන්ද නැතිවුණේ හාමුදුරුවෝ හිරේ දාපු නිසයි.. පරාජයට හේතු හරීන් අගමැති ඉදිරියේ දිගහරී

colombotoday

කොටුව ඇතුළු ප්‍රදේශ කිහිපයක හුදෙකලා කිරීම හෙට ඉවතට

colombotoday

බන්ධනාගාරයෙන් දැන් ශීතකරණත් මතුවෙලා

colombotoday

කොටි සිරකරුවන්ගෙ උපවාසය ගැන TNA ජනපති සමග සාකච්ඡා !

colombotoday